පර්යේෂණ මෙහෙයුමක යෙදී සිටි දකුණු කොරියානු යුධ හෙලිකොප්ටර් යානයක් අනතුරට පත් වීමෙන් පස් දෙනකු මියගොස් එක් අයෙකු තුවාල ලබා ඇත.

යානය ගුවන් ගතකර සුළු මෙහොතකින් කඩා වැටුණු බවත් එම අවස්ථාවේ මීටර් 10ක් පමණ උසින් ගමන් කරමින් තිබුණු බවත් වාර්තා වි ඇත. 

දකුණු කොරියාවේ ගිණිකොණ දිග පිහිටි නගරයක් වන පොහන්ග්හි පිහිටි නාවුක කඳවුරක දී මෙම අනතුර සිදුවී ඇත. මෙය ඇමරිකා හා දකුණු කොරියා ඒකාබද්ධ මෙහෙයුම් පවත්වන ස්ථානයකි.

තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර දකුණු කොරියා ආරක්ෂක අංශ මෙම අනතුර පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇත.

(රොයිටර් ඇසුරිණි - 085)