තෙදින නිල සංචාරයක් සඳහා චීන ජනපති ෂී ජින්පින්ග් මහතා රුසියාවට ගොස් සිටියි.   

චීන ජනපතිවරයා හා රුසියානු ජනපති ජනපති පුටින් මහතා අතර සාකච්ඡා මොස්කව් නුවරදී ආරම්භ වී ඇත.

දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමත් වෙළඳ හා ආරක්ෂක ගනුදෙනු සම්බන්ධව සාකච්ඡා කිරීමත් නායකයින්ගේ අරමුණ බව රුසියානු මාධ්‍ය සඳහන් කර ඇත.

චීනය හා ඇමෙරිකාව වෙළඳ සංග්‍රාමයකට සූදානමින් සිටින අතරතුර මෙම සංචාරය සැලසුම් වී ඇතැයි විදෙස් විචාරකයෝ සඳහන් කරති.

"පසුගිය අවුරු හය තුළ අප තිස් වරකට වඩා හමුවුණා. මා වැඩිපුරම සංචාරය කර ඇති රට රුසියාවයි. ජනපති පුටින් මගේ හොඳම මිතුරා සහ සහායකයා" යැයි මාධ්‍ය සාකච්ඡාවකදී චීන ජනපති පවසා ඇත.

සංචාරයේ සිහිවටනයක් ලෙස චීන පැන්ඩා වලසුන් දෙදෙනකු මොස්කව් සත්වෝද්‍යානය වෙත බාරදීම ද චීන ජනපති විසින් සිදු කෙරිණ.

(බිබිසී ඇසුරිණි - 085)