තායිලන්තයේ දකුණුදිග නරතිවට් පළාතේදී නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් බෞද්ධ භික්ෂූන් දෙදෙනකු ඝාතනය කර තවත් දෙදෙනකුට තුවාල සිදුකර ඇත.

මෙලෙස ඝාතනය කර ඇත්තේ රතනුපප් නමින් හැඳින්වෙන පූජ්‍යස්ථානයේ ප්‍රධාන සහ උප ප්‍රධාන හිමිවරුන් දෙදෙනාය.

හමුදා භටයන් ලෙස වෙස්වලාගත් පුද්ගලයන් හයදෙනකු පමණ ප්‍රහාරය සඳහා පැමිණ ඇති බව පොලිසිය පවසයි.
තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සහ ආගමික නායකයින් මෙම සාහසික ප්‍රහාරය හෙලා දකිමින් ප්‍රකාශ නිකුත් කර ඇත.

ප්‍රහාරයේ වගකීම කිසිවකු විසින් බාරගෙන නොමැති අතර තායිලන්තයේ ක්‍රියාත්මක කැරළි කණ්ඩායම් විසින් මෙය සිදුකරන්නට ඇති බවට බොහෝ දෙනා මත පල කර ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)