කොටස් වෙළෙඳපොළ අගය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් ටි‍්‍රලියනය ඉක්මවූ ලොව දෙවැනි සමාගම බවට පත්වීමට ඇමසන් සමාගම අද (4)  සමත්විය. 

මීට පෙර අගෝස්තු 2 වැනිදා වෙළෙඳපොළ අගය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් ටි‍්‍රලියනය ඉක්මවූ ලොව පළමු පෞද්ගලික සමාගම බවට පත්වීමට ලෝ ප‍්‍රකට ඇපල් සමාගම සමත්විය. ඊට පෙර චීන රජයට අයත් සමාගමක් 2007 වසරේදී වෙළෙඳපොළ අගය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් ටි‍්‍රලියනය ඉක්මවා තිබිණි. 

ඇමසන් සමාගම ලොව විශාලතම අන්තර්ජාල වෙළෙඳ (සිල්ලර වෙළෙන්ඳා) ලෙස හැඳින්වේ. 

ව්‍යාපාරික ජෙෆ් බෙසෝස් විසින් 1994 වසරේ දී වොෂින්ටනයේ සියැටල්හිදී මෙම සමාගම් ආරම්භ කරන ලදි. වසර 25කට අඩු කාලයකදී සිල්ලර බඩු, වීඩියෝ ප‍්‍රදර්ශනය ආදී සේවා පහසුකම් රැසක් සැපයීමට ඇමසන් සමාගම සමත්ව තිබේ. පසුගිය වසරේදී ඇමසන් සමාගමේ ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 178ක් යැයි පැවැසිණි. 

සුප‍්‍රකට ෆෝබ්ස් සඟරාවට අනුව ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන්නේද ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසෝස්ය. අඟහරුවාදා (4)  වනවිට ඔහුගේ ශුද්ධ වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 167ක් ලෙස ඇස්තමේන්තු කර තිබිණි. 

රොයිටර්

055