ටියුනීසියාවේ නැගෙනහිර වෙරළාසන්න ප්‍රදේශයේදී සරණාගතයින් රැගත් බෝට්ටුවක් අනතුරට පත්වීමෙන් 48දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
 
 බෝට්ටුවේ සිටි තවත් 67දෙනකුගේ දිවි බේරාගැනීමට වෙරළාරක්ෂක භටයින් සමත් වී ඇත.
 
බෝට්ටුවේ 180ක පමණ පිරිසක් ගමන් කර ඇති බවත් ඒ අතර ටියුනීසියානු ජාතිකයන් 100ක් පමණ සිට ඇති බවත් බලධාරීහු පවසති. 
 
මෙය 90දෙනකුට පමණ ගමන් කලහැකි බෝට්ටුවක් බවත් උවමනාවට වඩා පටවා තිබීම හේතුවෙන් ගිලෙන්නට ඇති බවත් ඔවුහු තවදුරටත් පවසති.
 
වෙරළාරක්ෂක භටයන් විසින් අල්ලාගැනීමට පෙර ගිලෙමින් පැවති බෝට්ටුව අතහැර නියමුවා පලාගොස් ඇති බවද පැවසේ.
 
(බීබීසී ඇසුරිනි - 085)