IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ට්‍රම්ප් නියෝගයෙන් ගූගල් සමාගම අමාරුවේ

ප්‍රධාන මුස්ලිම් රටවල් හතක ජාතිකයන්ට ඇමෙරිකාවට ඇතුළුවීම නවත්වමින් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නියෝගයක් දීමත් සමඟ ලෝ ප්‍රකට ගූගල් සමාගම තම සේවකයන් නැවත කැඳවීමට පියවර ගෙන ඇත. ඒ අනුව නිවාඩු ගෙන ඇමෙරිකාවෙන් පිටව යමින් සිටින තම සේවකයන්ට නැවත පැමිණෙන්නැයි ගූගල් සමාගම දැනුම් දී ඇත.
ප්‍රධාන මුස්ලිම් රටවල් හතක සාමාජිකයන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉකුත් දා නියෝගයක් පැනවීය.
මේ අතර ඉදිරියේදී දැනුම් දෙන තුරු සිරියානුවන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කිරීමට ද ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කටයුතු කර ඇත. ඉදිරි මාස තුනක කාලයේදී ඉරානය හා ඉරාකය ඇතුළු රටවල් හයකට ජාතිකයන්ට වීසා නොදීමට ද ඇමෙරිකා ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ මෙම නියෝග අනුව ඉරානය, ඉරාකය, සිරියාව, යේමනය, සුඩානය, සෝමාලියාව සහ ලිබියාව ආදී රටවල දහස් ගණනකට ඇමෙරිකාවට ගමන් කරන ගුවන් යානාවලට ගොඩවීමට අවසර නොලැබෙනු ඇතැයි පැවසේ.
ඇමෙරිකා ජනාධිපතිවරයාගේ මෙම නියෝග හේතුවෙන් ලොව පුරා රටවලින් සේවකයන් යොදාගන්න ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම්වලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මයික්‍රොසොෆ්ට්, ගූගල් වැනි සමාගම් මේ සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇතැයිද එම වාර්තාවල දැක්විණි.

287

 

077



අදහස් (0)

ට්‍රම්ප් නියෝගයෙන් ගූගල් සමාගම අමාරුවේ

එරන්ද Saturday, 28 January 2017 03:53 PM

ශ්‍රී ලංකාව මේ තත්ත්වයට කවදා එයිද? (නි)

:       0       7

ජගත් Saturday, 28 January 2017 04:55 PM

ත්‍රස්තවාදීන්ගේ මිලේච්ඡ ක්‍රියා නිසා රටවල් වළපල්ලට ගියොත් මයික්‍රොසොෆ්ට්, ගූගල් වැනි සමාගම් වලට පැවැත්මක් තිබේවිද? (නි)

:       0       10

නාමල් - නිව්යෝර්ක් Saturday, 28 January 2017 06:47 PM

ට්‍රම්ප් මේ වැඩේ කරන්නේ ඔය සමාගම් වලට පාඩමක් උගන්වන්න (නි)

:       5       1

හරිශ්චන්ද්‍ර Saturday, 28 January 2017 06:56 PM

මෙන්න නියම සැබෑ යුග පුරුෂයෝ! (නි)

:       2       21

හේවාවිතාරණ Saturday, 28 January 2017 06:59 PM

තමන්ගේ රටට තියෙන ආදරය නිසානේ මේවා කරන්නේ නියම නායකයෝ (නි)

:       0       31

ජානකී Saturday, 28 January 2017 09:31 PM

මට හිතෙන හැටියට නම් ඉතාම හොඳ නියෝගයක් (නි)

:       2       48

පෙරේරා Saturday, 28 January 2017 10:03 PM

හිට්ලරුත් තාප්පයක් පෝලන්තයේ ගහන්න කලින් කිව්වේ යුදෙව්වන්ව ආරක්ෂා කරන්න කියලා. අන්තිමට වුණ දේ දන්නවනේ. හැබැයි මේ වගේ කෙනෙක් ඇමරිකාවේ රජ වුණ එක හොඳයි. මේ නිසා ලෝකයට ලොකු වදයක් වන ඇමරිකාව ලෝකෙන් කොන්වේවි. (නි)

:       6       22

දමයන්ති Saturday, 28 January 2017 10:24 PM

රට ගැන සිතා ගත් තීරණයක් (නි)

:       1       5

ලාල් මිලානෝ Saturday, 28 January 2017 10:52 PM

තම රටට ආදරය කරන ජන නායකයන්. එ්ත් අපේ රටේ නායකයෝ නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියනවා (නි)

:       1       8

රන්ජිත් Saturday, 28 January 2017 11:42 PM

ත්‍රස්තවාදීන් හුරතල් කරලා තමා ලෝකය විනාශවුණේ. දැන් හොඳයි (නි)

:       0       3

පුබුදු Saturday, 28 January 2017 11:59 PM

ගැටලුවක් විසඳීමට විවිධ විසඳුම් ඉදිරිපත් කිරිම හා ගැටලුව විසඳීම යනු දෙකකි. ගැටලුව සඳහා විසඳුම් නොව නිවැරදි විසඳුම ඉදිරිපත් කිරීමයි වැදගත්. (නි)

:       0       1

මහී Sunday, 29 January 2017 12:13 AM

බෙල්ල ගහලා ගියත් දුන් පොරොන්දු ඉටුකරන නායකයෙක්. ඇමරිකාවේ රැකියා පළමුව ඇමරිකානුවන්ට කියලනේ පොරොන්දු වුණේ. (නි)

:       0       2

බමුණුසිංහ Sunday, 29 January 2017 01:34 AM

ඔන්න අපේ ඩයස්පෝරාවල් ටික කපන්න බැරි අත සිඹින්නට පටන් අරගෙන. ඔබතුමාට සහයෝගය දෙන්න මොවුන් ලැහැස්ති වෙනවා. ට්‍රම්ප් මැතිතුමනි, ඕවට රැවටෙන්න එපා. (නි)

:       0       2

බමුණු ආරච්චි Sunday, 29 January 2017 01:35 AM

පෙරේරා, ඇමරිකාවට එහෙම කරලා කවුද ඉස්සරහට ගන්න හදන්නේ? එ්කත් කියන්න. (නි)

:       0       2

නිමල් ලලිත Sunday, 29 January 2017 01:41 AM

රටට ජාතියට ආදරේ ඇති නියම නායකයෙකුට සුබපතන, ගුණගයන සැමට ස්තුතිය. මෙවැනි නායකයෙකු අපිට කවදා ලැබේවිද? (නි)

:       1       2

සලීත් Wednesday, 01 February 2017 08:04 AM

අනේ මේ සමහර අය මොනවද මේ දොඩවන්නේ? ට්‍රම්ප් ඔය කරන්නේ රටට ආදරේට නොවේ! එයා වචනයේ පරිසමාප්තියෙන්ම ජාතිවාදියෙක් බව ලෝකෙටම පෙන්නපු එක විතරයි! ලංකාවේ ගෝත්‍රවාදී අදහස් දරන අයට නම් මහා ලොකු වීරකමක් වගේ පෙනෙනවා ඇති.පරස්නේ දුරදිග බලන්නේ නැහැ ඔහේ බෙරිහන් දෙනවා (බ)

:       10       7

සංජු Sunday, 29 January 2017 02:23 AM

යහපාලනය වගේමයි නේද? අනේ අපිටත් කොන්ද තියෙන කෙනෙක් හිටියා නම් (නි)

:       0       7

කමල් Sunday, 29 January 2017 02:24 AM

අපේ ගෝඨාභය මැතිඳුගේ උපදෙස් අරගෙනද දන්නෙ නැහැ මේවා කරන්නේ? ජයවේවා! (නි)

:       3       0

ධනුෂ්ක Sunday, 29 January 2017 02:29 AM

එ්ත් යාලුවනි, ඔයාලට ඉතිහාසය ඉක්මනට අමතකයි නේද? සෝමාලියාව අැරුනම අනික් හැම රටකම තිබ්බ ශක්තිමත් අාණ්ඩු පෙරලුවේ මේ අැමරිකාවම තමා. අැමරිකාවේ ලෝක බලය වෙනුවෙන් එ් රටවල කිරි සපප්පායාගේ ඉඳලා මැරෙනවා. අැමරිකාවේ ක්‍රමය හැමතැනම හරියන්නෙ නැහැ. එ් රටවල් එ්කාධිපති තමා. එහෙම නැතුව එ් රටවල සමාජය පාලනය කරන්න බැහැ. (නි)

:       2       4

සමන් Sunday, 29 January 2017 02:27 AM

සෝමාලියාව ලිබියාව ස්වාසිලන්තය වගේ රටවල් එක්ක සබඳතා පවත්වපු නායකයෙක් අපිටත් හිටියා. (නි)

:       1       3

කුමාර Sunday, 29 January 2017 02:32 AM

ට්‍රම්ප්, ඔබට ජයෙන් ජය! ත්‍රස්තවාදය නැති කරන මඟ එයයි... (නි)

:       1       1

සුසිල් Sunday, 29 January 2017 02:57 AM

කාටවත් නොදැනෙන්න පාකිස්තානයට ගිහින් බින්ලාඩන් මරන්න තරම් දක්ෂ හමුදාවක් සහ ඔත්තු සේවයක් තිබුනු ඇමෙරිකාව එක ජාතියක් තහනම් කරලද මේ ප්‍රශ්නය විසඳන්න යන්නෙ (නි)

:       1       2

සමන් Sunday, 29 January 2017 03:01 AM

අද ලෝකයේ දේශසීමා නැති රටවල් බිහිවෙනකොට මෙයා රටවල් අතරෙ තාප්ප බඳිනවා? (නි)

:       3       3

කමල් Sunday, 29 January 2017 03:12 AM

දුර දැක්මක් නොමැති නායකයෙක්. අපේ රටේ හිටපු නායකයත් ඔහොම තමයි කළේ. (නි)

:       8       6

දිමුත් Sunday, 29 January 2017 03:16 AM

අපේ රටවල දොරත් මේ අයට වහන්න ඕනෑ. ඒක තේරුන නායකයෙක් ඉන්න එක ලෝකෙටම හොඳයි. (නි)

:       0       1

ලාල් Sunday, 29 January 2017 03:23 AM

රට වටේම හරි තාප්ප බැඳලා තම රට ආරක්ෂා කරගැනීම රටේ නායකයෙකුගේ යුතුකමයි. (නි)

:       1       3

සත්‍යපාල Sunday, 29 January 2017 04:35 AM

ලෝකය පුරා ත්‍රස්ත සංවිධාන වලට ආධාර කරපු ඇමරිකාව ඇතුලු බටහිර රටවල් එම සංවිධාන හරහා තමන්ට එරෙහි රටවල ආණ්ඩු පෙරලමින් ආක්‍රමණකාරි ප්‍රතිපත්තියක් අනුගමය කළ අතර අද එම සංවිධාන තමන්ට එරෙහිව එන විට ආරක්ෂාකාරී පියවර කරා පසුබැසීමේ ක්‍රියාමාර්ගයක් පමණි මෙය. එසේ නැතුව සමහරුන් සිතන ආකාරයට ඇමරිකානු ආණ්ඩුව ජාතිකත්වය මුල් කරගනිමින් කළ ප්‍රතිපත්තිමය තීන්දුවක් නොවේ. (නි)

:       0       1

ටෝනි Sunday, 29 January 2017 04:44 AM

නුතන දියුණු ලෝකයේ, ගල් යුගයේ තීරණ ගන්නා කෙනෙක්. මේක වෙන්වෙලා ඉන්න රටවල් වලට එක්වෙලා වැඩ කරන්න හොඳ අවස්ථාවක්. ඇඟිල්ලක් අනිකාගේ පැත්තට දික්කරනකොට, තවත් ඇඟිලි හතරක් තමන්ව පෙන්නන බව හැමෝම දන්නා සත්‍යයක්. (නි)

:       0       1

ඩේමියන් Sunday, 29 January 2017 04:45 AM

කාට කාටත් මේවා හොඳ පාඩම් (නි)

:       0       0

රේඛා Sunday, 29 January 2017 05:12 AM

මේ හා සමානව කොන්ද පණ ඇති රටවල් ඔවුන්ගේ රටවල්වලට ඇතුළුවීමට අමෙරිකානුවන්ටත් තහංචි පනවන්න පුළුවන්. එහෙම වුණොත්, ඇමෙරිකානුවා, දෙකේ කොලේ තත්වෙට වැටෙන එකටත් ට්‍රම්ප් වගකියන්න ඕනෑ. (නි)

:       0       0

බන්දුල Sunday, 29 January 2017 05:43 AM

මේකේ දෙපැත්තක් තියෙනවා. විදේශ වලින් තම ආර්ථිකය හදාගන්න ගිය උදවියට අසාධාරණයක් වීම නරක පැත්තයි. එ්කේ හොඳ පැත්ත තමයි සැම ජාතියක්ම ස්වාධීන ජාතියක් හැටියට දෙපයින් නැගී හිටපල්ලා කියන පණිවිඩය. ඇමෙරිකාවට එහෙම කරන්න පුළුවන් නම් ඕනෑම රටකට එ්ක කරන්න පුළුවන්. එ්කට අවශ්‍ය වෙන්නේ තමන්ට මොනවද ඇත්තටම අවශ්‍ය වෙන්නේ කියලා දැනගන්න එකයි (නි)

:       0       0

රෝහිත Sunday, 29 January 2017 05:54 AM

එතකොට පාකිස්තානය ඇෆ්ගනිස්ථානය මේ ලැයිස්තුවට නොදැම්මේ මොකද දන්නේ නැහැ. අමතකවෙලා වෙන්න ඇති නේද? (නි)

:       0       0

නීල් Sunday, 29 January 2017 06:16 AM

ධනුෂ්ක නිවැරදියි. අද ලංකාවේ ගහක් ගලක් ගානෙම උද්ඝෝෂණ කරන්නෙත් තිබුණ ඒකාධිපති පාලනය නැතුව ගිය හින්දයි. (නි)

:       5       0

බටුගෙදර Sunday, 29 January 2017 06:49 AM

මේ ඔකොම නිකන් බයිස්කෝප් විතරයි. එතකොට කටාර්, සෞදි අබුඩාබි එහෙම නැද්ද? තමාව මෝඩයෙක් කරවන වැඩ මේවා. (නි)

:       0       2

නිශාන්ත Monday, 30 January 2017 12:27 PM

ඇමෙරිකාව කියන්නේ මොන වගේද කියලා හිතාගන්නවත් බැරි උදවිය එකත් ලංකාව වගේ කියලා හිතාගෙන ලියනවා. (ර)

:       0       1

බමුණු Wednesday, 01 February 2017 10:17 AM

වෙදගේ මේ ශ්‍රී ලංකාවේ ඕනෑතරම් වැඩකාරයෝ ඉන්නවා තමයි අර හාර්වඩ් විශ්වවිද්‍යාලයේ මෙටලික් හයිඩ්‍රජන් නිපදවල වැඩ පෙන්වල තිබෙන්නේ. පෙන්නන්න ඉඩ පහසුකම් දුන්නොත් අපේ මිනිස්සු හොඳ වැඩ කාරයෝ. ඒ රෝයල් එකෙන්ම අපු අය නොවෙයි ගමේ මේ ගමේ ඉස්කෝලෙන් පටන් ගත්ත අය. (බ)

:       0       0

ශශී Sunday, 29 January 2017 07:27 AM

අනෙක් රට වලින් සේවකයින් අලුතෙන් බඳවා ගන්න. තව රටවල් ලෝකයේ තියනවනේ.. (නි)

:       0       0

බමුණු Wednesday, 01 February 2017 10:25 AM

වෙදගේ ලංකාවේ ඉන්න වැඩකාරයෝ ඇමරිකාවට ගෙන්න ගෙන රස්සාවල් දෙන්නව තමා. (බ)

:       0       0

අජිත් Sunday, 29 January 2017 07:42 AM

අනේ මේ සමහර අය මොනවද මේ දොඩවන්නේ? ට්‍රම්ප් ඔය කරන්නේ රටට ආදරේට නොවේ! එයා වචනයේ පරිසමාප්තියෙන්ම ජාතිවාදියෙක් බව ලෝකෙටම පෙන්නපු එක විතරයි! ලංකාවේ ගෝත්‍රවාදී අදහස් දරන අයට නම් මහා ලොකු වීරකමක් වගේ පෙනෙනවා ඇති (නි)

:       0       1

ශාන Sunday, 29 January 2017 09:16 AM

විමල් කියන විදියට නම් හොඳ වැඩේ ගූගල් සමාගමට. මේක සමහරවිට ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්නත් පුළුවන්. (නි)

:       0       0

සුනිමල් Sunday, 29 January 2017 09:58 AM

සුසිල්, බින් ලාඩන්ව හැදුවේ කවුද කියලා දන්නෙ නැහැ නේද? අයි එස් එක හැදුවේ කවුද කියලවත් ඔබ දන්නවද? (නි)

:       0       0

බමුණු Monday, 30 January 2017 06:03 AM

නාමල් නිකන් විනෝදයට ජෝන් පර්කින්ස් ගේ ඉකොනොමික් හීට් මෑන් කියවන්නකෝ. එතකොට තේරේවි ඇමරිකාව අනික් රටවල ආර්ථිකයට ඇඟිලි ගසන්නේ කොහොමද කියල (බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Sunday, 29 January 2017 01:16 PM

බෙල්ල ගහලා ගියත් දුන් පොරොන්දු ඉටුකරන නායකයෙක්. ශ්‍රේෂ්ඨ නායකයෙක්.ගරු කල යුතු නායකයෙක්. (අ)

:       1       0

ඉසුරු Thursday, 02 February 2017 11:37 AM

මුන්ම විනාශ කරපු රටවල් නේද මේවා ? මොන උලව්වකට එහෙ රිංගන්න යනවද? (බ)

:       0       0

නාමල් - නිව්යෝර්ක් Sunday, 29 January 2017 02:21 PM

ධනුෂ්ක, ඒ රටවල තිබ්බේ ඒකාධිපති ආණ්ඩු. ඒවා පෙරළෙන්නේ ඇමරිකාවේ වරදින් නෙමෙයි, තමන්ගේම ජනතාව ආණ්ඩුවලට විරුද්ධව කැරලි ගැහීම නිසා. දේශසීමා නොතිබෙන්නේ ආර්ථික සමාජීය වශයෙන් සමාන රටවල් අතර මිස ඇමරිකාව-මෙක්සිකෝව-සෝමාලියාව වගේ රටවල් අතර නෙමෙයි (නි)

:       0       0

අජිත් Monday, 30 January 2017 06:47 AM

බමුණු, ඇමෙරිකාව අනික් රටවල කටයුතු වලට අත තිබ්බේ අද ඊයෙක නොවේ. අද ඇමෙරිකාවේ මහා ලොකු ජාතික වීර ජනාධිපතිවරයෙක් හැටියට පිළිගන්න රොනල්ඩ් රේගන්ගේ කාලයේ පටන් අඩු වැඩි විදියට කරලා තියෙනවා. ඉරානය සහ ඉරාකය එකිනෙකාට සතුරු කර දශක ගණනාවක යුද්ධයකට පටලවා බංකොලොත් කළා. රටවල් දෙකටම යුද උපකරණ විකුණා එම මුදල් දකුණු ඇමෙරිකාවේ ත්‍රස්ත කණ්ඩායම් වලට ලබාදුන්නා. මේ බලයට පත්වුණු ට්‍රම්ප් ඔහුගේ අනුගාමිකයෙක් (නි)

:       0       0

වෙදගේ Wednesday, 01 February 2017 03:49 AM

ඉතින් මේ ශ්‍රී ලංකාවේ ඕනෑතරම් වැඩකාරයෝ ඉන්නේ ඇමරිකාවට ගෙන්න ගෙන රස්සාවල් දෙන්නකෝ. (අ)

:       1       0

බුද්ධික Sunday, 29 January 2017 03:12 PM

ලංකාවටත් මේ වගේ නායකයෙක් හිටියා නම්...? (නි)

:       2       0

සේරම් Thursday, 02 February 2017 12:23 PM

අනේ සලීත් ,නායකයෙක් වුණාම ජාතිවාදී විය යුතුමයි . කලින් හිටිය අය ජාතිවාදී වුනානම් ලෝක වෙළඳ මධ්‍යස්ථානය , අහිමි වුණ වටිනා ජීවිත රැකගත හැකිව තිබුණා (බ)

:       1       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 73 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 168 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 132 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1426 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 431 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 697 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site