චීනයේ ෂැංහයි නගරයට නුදුරින් නැංගුරම්පළක ගිලී ගිය යාත්‍රාවේ සිටි කාර්යමණ්ඩලයේ 10 දෙනකු සොයා මෙහෙයුම් සිදුකරන බව චීන මාධ්‍ය වාර්තා කර ඇත. ටොන් 5000 ක වානේ තොගයක් රැගත් මෙම නෞකාව තවත් බඩු ප්‍රවාන නෞකාවක ගැටීමෙන් අනතුරට ලක්විය.

නැවෙහි සිටි 13 දෙනකුගෙන් යුතු කාර්ය මණ්ඩලයෙන් තිදෙනකු බේරා ගෙන ඇත. ගැටීම හේතුවෙන් නැව් බඳේ වර්ග මීටර් හතරක පමණ සිදුරක් සෑදී තිබුණු බවත් එයින් නැව තුලට ජලය ගලායෑම හේතුවෙන් නැව ක්ෂණිකව ගිලී ගොස් ඇති බවත් එරට සාමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය පවසයි.
 
මුර සංචාරක යාත්‍රා හතක් මුදවාගැනීමේ නැව් තුනක් හා හෙලිකොප්ටටර් යොදාගෙන මෙහෙයුම් සිදු කෙරේ.
 
(රොයිටර් ඇසුරිණි - 085)