චීනයේ බීජිං නුවර ප්‍රාථමික පාසලක පන්ති කාමරයකට ඇතුළු වූ පුද්ගලයෙකු එල්ල කළ ප්‍රහාරයකින් දරුවන් 20දෙනකුට පමණ තුවාල සිදුවී ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරයි.

මොවුන්ගෙන් තිදෙනකුගේ තත්ත්වය බරපතල බව පැවසේ.සැකකරු අත්අඩංගුවට ගෙන ඇති නමුත් මෙවැනි ප්‍රහාරයක් සිදුකිරීමට හේතුව කුමක්දැයි අණාවරනය වී නොමැත.

සැකකරු පාසලේ සේවකයෙකු වන අතර සිද්ධිය සම්බන්ධ පුළුල් විමර්ශනයක් සිදු කරන බව බලධාරීහු පවසති.

(බීබීසී ඇසුරිණි - 085)