චීනයේ දකුණු දිග හා මධ්‍යම ප්‍රදේශවල ඇතිවූ ගංවතුර හා අධික වැසි තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

අනතුරට පත්වූ 4300ක පමණ පිරිසක් බේරාගත් අතර 356,000ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බව මුදවාගැනීමේ කණ්ඩායම් පවසති.

ගංවතුර හේතුවෙන් නිවාස 9,300ක් කඩාවැටී ඇති අතර වගාබිම් හෙක්ටයාර මිලියන 3.71ක් විනාශ වී ඇත.

වැසි තත්තවය හේතුවෙන් ගිණිකොන දිග ග්වැන්ඩොං සිට නිරිත දිග ච්වාංකිං දක්වා දැඩි හානි සිදුවී තිබේ. 
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)