චීනයේ උමං මාර්ගයක ගමන්ගත් මගී රථයක් එහි බිත්තියේ ගැටීම නිසා 38දෙනක් පමණ මියගොස් 13දෙනක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 
 
චෙන්ජු නගරයේ සිට ලුවෝයැං දක්වා ගමන්ගත් රථය ශාන්ෂි පළාතේදී මෙම අනතුරට ලක් වී ඇති බව බලධාරීහු පවසති.
 
ගලවාගැනීමේ මෙයෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවත් තුවාල කරුවන් රෝහල් ගත කළ බවත් සහන සේවා කණ්ඩායම් පවසා ඇත.
 
ප්‍රාන්ත පොලිසිය පවසන්නේ අනතුරට හේතුව පැහැදිලි නැති බවයි.


 
(බීබීසී පුවත් ඇසුරිණි - 085)