බීජිංහිදීය (රොයිටර්)
 
කිසිදු බෙදුම්වාදී ක්‍රියාවක් නොඉවසන බවත් තම රටේ භෞමික අඛණ්ඩත්වය ආරක්ෂා කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බව චීනය අද (5) තායිවානයට අනතුරු ඇඟවීය. 

 
ස්වයං පාලනයක් සහිත තායිවානය නැවත චීනයට එකතු කරගැනීමේ අරමුණින් කටයුතු කරන චීනයේ අගමැතිවරයා අද (5) මෙලෙස අනතුරු ඇඟවීය. චීන පාර්ලිමේන්තුවේ වාර්ෂික සැසිවාරය අමතමින් චීන අගමැති ලී කෙකියෑන්ග් එලෙස අනතුරු ඇඟවීය. 
 
ඇමෙරිකාව සහ තායිවානය අතර නිල සාකච්ඡා වැඩි කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමටත් චීනයේ දැඩි කෝපයට හේතුවිය. 
 
“අපි නිරන්තරයෙන් අපේ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කටයුතු කරනවා. භෞමික අඛණ්ඩත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරනවා. අපි අපේ දේශසීමා ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරනවා. නිදහස යැයි පවසමින් කරන කිසිදු බෙදුම්වාදී ක්‍රියාවකට අපි ඉඩ තබන්නේ නැහැ” යැයි 3,000කට ආසන්න නියෝජිතයන්ගේ අත්පොළොසන් මැද චීන අගමැතිවරයා කීය.  
 
055