ඇමරිකාවේ චිකාගෝ නගරයේ ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් දරුවන් හය දෙනකු ඇතුළුව අටදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. අනතුරින් දෙදෙනකු බරපතල ලෙස තුවාල ලබා ඇත.

 

මහල් දෙකකින් යුත් ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ ගින්න හටගෙන ඇති බවත් මියගිය සියළු දෙනාම එහි පදිංචිකරුවන් බවත් පොලිසිය පවසයි.

 

විනාඩි  45ක පමණ කාලයක් පැවති ගින්න පසුව නිවා දැමීමට ගිනි නිවන භටයන් සමත් වී ඇති අතර ගින්නට හේතුව සොයා මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇත.

 

(රොයිටර් ඇසුරිණි - 085)