මැටිහිදීය (රොයිටර්/ඒ.එෆ්.පී)
 
ග්‍රීසියේ ඇතැන්ස් අගනුවර ආසන්නයේ ඇති වී තිබෙන ලැව් ගිනි හේතුවෙන් මියගිය ගණන 74 දක්වා ඉහළ ගොස් ඇතැයි එරට බලධාරිහු පවසති.

දෙසීයකට ආසන්න පිරිසක් ලැව් ගිනි හේතුවෙන් තුවාල ලබා ඇතැයි ද මියගිය සහ තුවාල පිරිස් තවදුරටත් වැඩිවිය හැකි යැයි ද ඇතැන්ස් බලධාරිහු කියති. දශයකට පසු ග්‍රීසියට බලපෑ මාරාන්තිකම ලැව් ගින්න මෙයයි.   

ලැව් ගිනි හේතුවෙන් තවත් සිය ගණනකට ආසන්න පිරිසක් අවතැන් වී ඇතැයි ද සංචාරකයන් නගරවාසීන් ඇතුළු ලැව් ගිනිවලට මැදිව සිටින සියලු දෙනා මුදා ගැනීම සඳහා දැනටමත් මෙහෙයුම් දියත් කර ඇතැයි ද බලධාරීහු සඳහන් කළහ.
 
ලැව් ගිනි ඇති වීමත් සමඟ බොහෝ පිරිස් වෙරළ තීරයට පැමිණ ඇතැයි ද පැවසේ. පැයට කිලෝමීටර් 100කට වඩා වේගයෙන් හමන සුළං නිසා ලැව් ගිනි ඉතා වේගයෙන් පැතිර ගොස් තිබේ. ලැව් ගිනි හේතුවෙන් මෝටර් රථ 300කට ආසන්න සංඛ්‍යාවකට ද ගොඩනැගිලි දහස් ගණනකට ද හානි සිදුව තිබේ.
055