ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වීමට ඉඩ සලසමින් විදේශිකයන් වෙනුවෙන් හඳුන්වා දී තිබූ ‘ග්‍රීන් කාඩ්’ සම්බන්ධයෙන් සීමා ඉවත්කිරීමට අදාළ නීති සම්පාදනය කිරීමට  නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් මණ්ඩලයේ බලවත් නායකයෝ කටයුතු කරන බව විදෙස් මාධ්‍ය පවසති.
 
මෙම නීති සම්මත වුවහොත් එක් රටකට ලබාදෙන ග්‍රීන් කාඩ් ගණන සහ ඉන්දීය වෘත්තිකයන්ට ලැබෙන වාසි  හිමිවනු ඇතැයි වාර්තා වේ.
 
සාධාරණත්වය සඳහා වූ ඉහළ කුසලතා සංක්‍රමණික පනත රිපබ්ලිකන් මයික් ලී සහ ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයා කමලා හැරිස් විසින් බ්‍රහස්පතින්දා සෙනෙට් සභාවට ඉදිරිපත් කළහ. 
 
මෙම පනත අනුව එක් එක් රට සඳහා වූ සංක්‍රමණිකයන් ගණන විය හැකි බවත්  උපන් රට කුමක් වුවත් සියල්ලටම සමානව සළකන බවත් ඇමෙරිකාව පවසයි. 
 
(63226)