ඛනිජ අපනයනකරුවන්ගේ සංවිධානයේ සාමාජිකයන් (ඔපෙක්) සහ අනෙක් තෙල් නිෂ්පාදනය කරන රටවල නියෝජිතයන් අද  ඔස්ට්‍රියාවේ වියානා නුවරදී හමුවීමට නියමිතය.  

තෙල් නිෂ්පාදනය කළමනාකරණය කිරීම, අධි සැපයුම සහ ඉල්ලුම අවම කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා පැවැත්වේ. 

තෙල් නිෂ්පාදනය කප්පාදු නොකරන ලෙසත්, යුරෝපීය මිණුම් දඩු සහ  දැනට පවතින මිල සම්බන්ධයෙන් අවදානය යොමු කරන ලෙසත් ඔපෙක් සංවිධානයේ සාමාජිකයන්ගෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (05 )  ඉල්ලා සිටියේය.

පසුගිය මාස දෙකේ පුරා තෙල් මිල කඩා වැටීම  සහ බොරතෙල් නිෂ්පාදනය සම්බන්ධවද  සාකච්ඡා කරනු ඇත.

(63226 )