කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පැතිරුණු ඉබෝලා වසංගතයෙන්  500කට අධික පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ.

රෝගය වැළැක්වීමට ක්‍රියාත්මක වූ  එන්නත් ලබාදීමේ වැඩසටහන මඟින් දහසකට අධික මරණ සංඛ්‍යාවක් වලක්වා ගත් බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මේ දක්වා මරණ 502ක් වාර්තා වී ඇති බවත් 271 රෝගීන් සුවපත් කර ඇති බවත්  සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක්  නිකුත් කරමින් පවසා සිටියේය.

ඉබෝලා වසංගතය සඳහා පළමු වතාවට ලබාදුන් එන්නත් වැඩසටහන මගින් පුද්ගලයින් 76,425 කගේ ජීවිත  ආරක්ෂා කර  දහස් ගණන් මරණින් මුදවා ගත් බව සෞඛ්‍ය ඇමති පැවසුවේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ඉතිහාසයේ දෙවන විශාලතම වසංගතය මෙය බව වාර්තා වේ. 


(63226)