කෙන්යාවේ නයිරෝබි නුවරට බටහිර ග්‍රේට් රිෆ්ට් වැලි ප්‍රදේශයේදී සැහැල්ලු ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පස්දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 

මියගිය අය අතර ඇමරිකානු ජාතිකයන් තිදෙනකු ද සිටින බව පොලිසිය පවසයි. කෙන්යානු ජාතික ගුවන් නියමුවා ද අනන්‍යතාවය හඳුනා නොගත් තවත් මගියකු ද මියගොස් ඇත.

හදිසි ගොඩබෑමක් සිදුකිරීමට යෑමේදී ගසක පැටලීම හේතුවෙන් අනතුර සිදුවී ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 

ගුවන්යානය මසයි මාරා අභය භූමියේ සිට දකුණු දිග ටර්කනා ජනපදය වෙත ගමන් කරමිනි තිබියදී මෙසේ  අනතුරට ලක්වි ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)