(ද හින්දු/එන්.ඩී.ටීවී - 055 )
 
ප්‍රන්ත සභා මැතිවරණ ප්‍රතිඵල නිකුත් කර සතියකට පසු යෝගීවරයකු උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත සභාවේ මහ ඇමැතිධුරයේ අද (19) දිවුරුම් දුන්නේය.  යෝගී ආධිත්‍යනාත් උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත සභා මහ ඇමැතිධුරයට පත් කිරීමට භාරතීය ජනතා පක්ෂය තීරණය කළේ සෙනසුරාදා (18) දිනයේදීය. 
 
යෝගී ආධිත්‍යනාත් උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත සභාවේ 21 වැනි මහ ඇමැතිවරයා ද වන අතර ආගමික පසුබිමක් ඇති පක්ෂයකින් පත් වූ සිව්වැනි මහ ඇමැතිවරයා බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. 
 
මේ අතර ඉන්දියාවේ වැඩිම ජනගහනයක් වෙසෙන ප්‍රාන්තයට මතභේදකාරි හින්දු ආගමික නායකයකු තෝරා පත් කර ගෙන ඇතැයි ද ඔහු මුස්ලිම් විරෝධී නායකයකු යැයි ද බී.බී.සී පුවත් සේවයා වර්තා කර තිබිණි. 40 හැවිරිදි යෝගී ආධිත්‍ය සුළු ජාතික කොටස් රටින් පිටවිය යුතු බව ප්‍රකාශ කරන අතර එක් අවස්ථාවකදී බොලිවුඞ් රංගන ශිල්පි ෂාරුක් ඛාන් පාකිස්තාන ත්‍රස්තවාදී නායකයකුට ද සමාන කළේය. උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ජනගහනය මිලියන 200 කට ආසන්න වන අතර ඉන් පහෙන් එකක් මුස්ලිම් ජාතිකයන් බව පැවසේ.