ඉන්දියානු නාවිකයන් 22ක් සහිත නෞකාවක් අත්ලාන්තික් සාගරයේ ගිනියා බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේදී අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

ඇන්ග්ලෝ ඊස්ටන් වෙළඳ සමාගමට අයත් මැරීන් එක්ස්ප්‍රස් නම් මෙම නෞකාවේ බොරතෙල් ටොන් 13500ක් පමණ තිබී ඇත. 

පසුගිය බ්‍රහස්පතින්දා  අවසන් වරට බෙනින් රාජ්‍යයට එපිටින් මුහුදේදි නෞකාව දක්නට ලැබුණු බව වාර්තා වේ.

ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය රවීශ් කුමාර් මහතා පවසන්නේ නෞකාව සෙවීමේ කටයුතු ක්‍රියාත්මක කර ඇති බවයි.

(085)