ඉතාලියේ දකුණු දිග කැලබ්‍රියා ජාතික උද්‍යානයේ ක්ෂණිකව ඇතිවූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් එහි ගමන් කළ  සංචාරකයන් 11දෙනකු මියගොස් තවත් කිහිපදෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

අධික වැසි හේතුවෙන් හටගත් විශාල ජල ප්‍රහාරයකට මොවුන් හසුවී ඇතැයි ද එම අවස්ථාවේ ඔවුන් දුර්ග මාර්ගයක ගමන් කරමින් සිට ඇතැයි ද පැවසේ.

අවුරුදු දහයක පිරිමි දරුවකු ඇතුළු 18 දෙනකුගේ දිවි බේරාගෙන ඇති අතර හය දෙනකු රෝහල් ගත කළ බව බලධාරීහු පවසති.

අතුරුදන් වූ පුද්ගලයන් සොයා ප්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකව ඇත.

(බිබීසි ඇසුරිණි - 085)