සිරියාවේ උතුරු දිග ඇෆ්රින් කලාපයේ කුර්දි සටන්කාමීන් සමග ඇතිවූ ගැටුම් වලින් තුර්කි සොල්දාදුවන් අට දෙනකු මියගොස් 13දෙනකු බරපතල ලෙස තුවාල ලබා ඇතැයි ආරක්ෂක අංශ පවසයි. 

කුර්දි සටන්කාමින් උමං මාර්ග හාරාගෙන පැමිණ පහර දී ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත. තුවාලකරුවන් මුදවාගැනීම සඳහා පිටත් කර යැවූ තුර්කි හෙලිකොප්ටරයට ද සටන්කාමීන් විසින් පහරදී ඇති අතර එය ආපසු පැමිණ ඇති බව බලධාරීහු පවසති.

සිවිල් වැසියන් 141දෙනකු ද ඝාතනය වී ඇති බව මානව හිමිකම් සංවිධාන විසින් වාර්තා කලද තුර්කිය එය ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ තමන්ගේ ඉලක්කය වූයේ සටන්කාමීන් පමණක් බවයි.

(බීබීසි ඇසුරිණි - 085)