ඇෆ්ගනිස්ථානයේ  ඊසාන දිග  ප්‍රදේශයේ  රන් පතලක් කඩා වැටීමකින්  පුද්ගලයින්  30 ක් පමණ මිය ගොස්  ඇතැයි බලධාරීහු පවසති.

බඩක්ෂාන් පළාතේ  , කොහිස්ථාන්   දිස්ත්‍රික්කයේ මෙම අනතුර සිදු වී තිබේ.
 
කඩා වැටුණු එම වළ අඩි 220 ක් පමණ ගැඹුරු වළක් බව වාර්තා වී තිබේ .
 
මෙම සිදු වීමෙන් පුද්ගලයින් හත් දෙනකු පමණ තුවාල ලබා ඇති අතර කම්කරුවන් 13 දෙනකු බේරාගැනීමට හැකි වී තිබේ.
 
මේ වන විට එම ස්ථානයෙන් සිරුරු ඉවත් කිරීම අරඹා ඇති අතර  සහන කණ්ඩායම් එම ස්ථානයට පිටත්ව ගොස්  ඇතැයිද වාර්තා වේ.
මිය ගිය අයගේ පවුල් වෙනුවෙන් වන්දි පිරිනැමීමටද කටයුතු සුදානම් කර ඇතැයි අපදා කලමනාකරණ අංශය පවසයි. 

 
 
 ( බී බීසි ඇසුරෙනි)

(36698)