ඇමරිකාවේ නැගෙනහිර වෙරළබඩ කළාපයේ උතුරු කැරොලිනා, දකුණු කැරොලිනා හා වර්ජිනියා ප්‍රදේශවලට සිකුරාදා වනවිට පැමිණෙතැයි බලාපොරොත්තු වන ෆ්ලොරන්ස් සුළි කුණාටුව හේතුවෙන් එම ප්‍රදේශවල ජිවත් වන ජනතාවට ඉවත් වන ලෙස අනතුරු අඟවා ඇත. 

මේ අනුව ප්‍රදේශයේ ලක්ෂ 17ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත්වෙමින් සිටින බව පැවසේ.

පැයට කිලෝමීටර් 215ක වේගයෙන් සුළං ඇතිවනු ඇතැයි කාළගුණ අංශ වාර්තා කර ඇත.මෙය ඉතා දරුණු කුණාටුවක් වියහැකි බවද කාලගුණ අංශ පවසයි.

(බීබිසි ඇසුරිණි - 085)