නිව්යෝක්හිදීය (ඒ.එෆ්.පී)

ඇපල් සමාගම අද (2) එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියනයේ වෙළෙඳ අගය පසු  කර ගිය පෞද්ගලික අංශයේ ලොව ප්‍රථම සමාගම බවට පත්විය. 

කාර්තුවේ ඉපැයුම් වේගයෙන් ඉහළ යෑමත් සමඟ ඇපල් සමාගම එම කඩඉම පසු කිරීමටත සමත්කම් දැක්වීය. 

උදෑසන වෙළෙඳාම් අවසන් වීමත් සමඟ ඇපල් සමාගමේ කොටසක මිල ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් 207.05ක් ලෙස සටහන් විය. 

ලෝ ප්‍රකට ‘අයිෆොන්’ එසේත් නැතිනම් ‘අයි’ ස්මාටර් ජංගම දුරකතන නිෂ්පාදනය කරන සමාගම වන ඇපල් සමාගම අද මෙලෙස ලාබ ලැබුවේ අඟහරුවාදා (31) සිට දින දෙකකදී වාර්තා කළ කොටස් මිල ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙසය.

මෙම කඩඉම පසු කළ පෞද්ගලික අංශයේ ලොව පළමු සමාගම බවට ඇපල් සමාගම වුවත් මීට පෙර 2007 වසරේදී චීන රජයට අයත් තෙල් සමාගමක් වන ‘පෙට්‍රෝචයිනා’ සමාගම එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියනයේ සීමාව ඉක්මවා ගියේය. එහෙත් එම සමාගම එතැන් පටන් පහත වැටිණි. 

055