IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හකානි සන්නද්ධ ජාලයේ නිර්මාතෘ මියයයි

කාබුල්හිදීය (රොයිටර්)

ඇෆ්ගන් කැරැල්ලේ භයානකම සහ බලසම්පන්නම කණ්ඩායමක් ලෙස සලකනු ලැබූ හකානි සන්නද්ධ ජාලයේ නිර්මාතෘ ජලාලුදීන් හකානි මියගොස් ඇතැයි තලේබාන් සංවිධානය අද (4) නිවේදනය කළේය. 

කලක් තිස්සේ ඔහු අසනීප තත්ත්වයෙන් පෙළුණු බව ද තලේබාන් සංවිධානය සඳහන් කළේය. ජලාලුදීන් හකානි, ‘හකානි’ ජාලය ආරම්භ කරන ලද්දේ 1970 වසරේදීය.

ඉන් වසර කිහිපයකට පසු හෙතෙම එම ජාලයේ මෙහෙයුම් නායකත්වය තම පුතු සිරාජුදීන් හකානිට බාර දුන්නේය. සිරාජුදීන් මේ වනවිට ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ නියෝජ්‍ය නායකයා ලෙස ද කටයුතු කරන අතර ඇමෙරිකා එක්සත් ජනපදය ඔහුගේ හිසට ඩොලර් මිලියන 5ක මුදලක් නියම කර ඇත. 

“හකානි දැන් තරමක් මහළුයි. ඔහු කලක් තිස්සේ විවිධ සෞඛ්‍ය ගැටලුවලින් පීඩා වින්ඳා” හකානි පවුලට සමීප තලේබාන් මූලාශ්‍රයක් සඳහන් කළේය. 

ජලාලුදීන් හකානි ජීවිතක්ෂයට පත්වූ බවට තලේබාන් සංවිධානය නිවේදනයක් නිකුත් කළත් ඔහු ජීවිතක්ෂයට පත්වූයේ කවදාද කොහේදීද යන්න සම්බන්ධයෙන් කිසිවක් සඳහන් නොකළේය. හකානි වසර කිහිපයක් එක්තැන් වී සිටි බව ද තලේබාන් සංවිධානය සඳහන් කර තිබූ නමුත් ඔහුගේ අසනීප තත්ත්වය කුමක්දැයි සඳහන් කර නොතිබිණි. 

ඔහුගේ මරණය හකානි ජාලයේ කිසිදු වෙනසක් සිදු නොකරනු ඇතැයි ඇෆ්ගන් ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක මොහොමද් රද්මනීෂ් පැවැසීය. පසුගිය දශකයක කාලයේදී මිලේච්ඡ සහ අති බිහිසුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ බවට ඇෆ්ගන් සහ ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක අංශ හකානි ජාලයට නිරන්තරයෙන් චෝදනා එල්ල කළේය.

“මෙහෙයුම් විදියට බැලුවොත් ජලාලුදීන් හකානිගේ මරණය හකානි ජාලයට බලපෑම් කරන එකක් නැහැ. පසුගිය වසර කිහිපයේ හකානි ජාලයේ ක්‍රියාකාරකම් ප්‍රයෝගික බවට වඩා මතවාදීය ස්වරූපයක් ගෙන තිබෙනවා” යැයි ද මොහොමද් රද්මනීෂ් කීය. 

සෝවියට් හමුදා ඇෆ්ගනිස්තාන අල්ලා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය ඇතිව ඊට විරුද්ධව 1980 දශකයේදී සටන් ව්‍යාපාරයක් දියත් විය. එම කාලයේදී හකානි ප්‍රමුඛ පෙළේ ගරිල්ලා නායකයකු වශයෙන් ඉදිරියට පැමිණියේය. එහෙත් පසුව ඔහු තලේබාන් සංවිධානය හා එක්විය. තලේබාන් සංවිධානය බලයෙන් පහ කිරීමත් සමඟ ඔහු තලේබාන් සංවිධානය හා එක්ව ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවලට එරෙහිව සටන් වැදිණි. 

ඇෆ්ගනිස්තානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබුවේ හකානි යැයි පැවසේ. හකානි ජාලය ඉතා හොඳ සංවිධානාත්මක හැකියාවක් තිබූ සංවිධානයක් ලෙස සැලකේ. ඉතා හොඳින් සැලසුම් කරමින් ඇමෙරිකා සහ ඇෆ්ගන් ආරක්ෂක අංශ, සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කිරීම මෙන්ම ඉහළ පෙළේ පුද්ගලයන් පැහැර ගැනීම සම්බන්ධයෙන් හකානි ජාලය ප්‍රසිද්ධියක් උසුළයි. 

පසුගිය වසරේදී ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර රාජ්‍ය ආයතන, තානාපති කාර්යාල ඇතුළු මර්මස්ථාන පිහිටි ප්‍රදේශයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් 150කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. එම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරන ලද්දේ හකානි ජාලයේ මරාගෙන මැරෙන බෝම්බකරුවකුයැයි විශ්වාස කෙරේ. 

මීට පෙර අවස්ථා කිහිපයකදීම හකානි මියගිය බවට තොරතුරු වාර්තා වුවද ඒ කිසිවක් සත්‍යය නොවීය. 

055

 



අදහස් (0)

හකානි සන්නද්ධ ජාලයේ නිර්මාතෘ මියයයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 806 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 121 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 297 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1516 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 477 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site