IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සෞදියේ කාන්තාවන්ට තිබූ නීති රීති ළිහිල් කෙරෙයි

ඉතිහාසයේ ප්‍රථම වතාවට සෞදි අරාබියේ කාන්තාවන්ට  ප්‍රේක්ෂකාගාරයකට ගොස් සජීවීව පාපන්දු තරඟයක් නැරඹීමේ අවස්ථාව හිමි වී ඇති බව වාර්තා වේ.

දැඩි මතධාරී මුස්ලිම් රටක් ලෙස කාන්තාවන්ට පනවා තිබූ නීතිරීති ලිහිල් කිරීමට සෞදි රජු ප්‍රමුඛ රජය පසුගිය කාලයේ  පියවරගත් අතර එහි එක් අංගයක් ලෙස මෙය ක්‍රියාවට නගා ඇත.


මේ අනුව පසුගිය සිකුරාදා ජෙඩා නගරයෛ් ක්‍රීඩාංගනයක දොරටු කාන්තාවන්ට විවෘත වූ අතර මෙය සෞදි රාජ්‍යයට සුවිශේෂී අවස්ථාවක් වූ බව මාධ්‍ය වාර්තා කර ඇත. තරඟය නැරඹීමට පැමිණි කාන්තාවන්ගෙන් ප්‍රේක්ෂකාගාරය පිරීගොස් තිබුණු අතර කාන්තාවන් ලද මෙම සුවිශේෂී ජයග්‍රහනය සම්බන්දව තමත් ඉතා ප්‍රීතිමත්ව සිටින බව ඔවුන් පවසා ඇත.


මීට සමගාමීව නූතන ලෝකයට ගැලපෙන පරිදි සෞදි රාජ්‍යයේ තවත් බොහෝ ප්‍රතිසංස්කරණ සිදුකිරීමට පියවර ගෙන ඇති අතර මෝටර් රථ ප්‍රදර්ශනාගාර  කාන්තාවන් වෙත විවෘත කිරීම ද පසුගියදා සිදුවිය. 


කාන්තාවන්ට පනවා තිබූ මෝටර් රථ පැදවීමේ තහනම ද පසුගිය ජුනි මාසයේ ඉවත් කිරීමට තීරණය කෙරුනු අතර ලබන සැප්තැම්බර් මාසයේ සිට මෙය ක්‍රියාවට නැංවීමට නියමිතය.


සෞදියේ දැඩි මතධාරී මූලධර්ම මෙලෙස ලිහිල් වුවද පුරුෂයෙකුගේ අවසරය නොමැතිව කාන්තාවන්ට ඉටුකල නොහැකි තවත් බොහෝ කාර්යයන් පවතින බව වාර්තා වේ. ගුවන් ගමන් බලපත්‍රයකට අයදුම් කිරීම, විවාහ වීම, ව්‍යාපාරයක් ආරම්භ කිරීම, ශල්‍ය කර්යමක් සිදු කිරීම, බැංකු ගිණුමක් විවෘත කිරීම වැනි තවත් බොහෝ දේ ඒ අතර වේ.



(බීබිසී ඇසුරිණි - 085)



අදහස් (2)

සෞදියේ කාන්තාවන්ට තිබූ නීති රීති ළිහිල් කෙරෙයි

සුමනාවතී Saturday, 13 January 2018 11:54 PM

සෞදියේ එහෙම වුනත් අපේ එහෙම වෙන්නේ නැහැ.

:       41       0

Perakum Sunday, 14 January 2018 07:55 AM

ඇයි නැත්තෙ දැන් අපේ කාන්තාවන්ටත් බාර් එකට ගිහින් අරක්කු ගන්නත් අවසර දුන්න නේ. තව මොනවද ඕන?

:       0       40

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 21 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 31 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 28 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 11 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 282 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 125 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site