IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සියවසේ ප‍්‍රංශ සුපවේදීයා දැයෙන් සමුගනී

ප‍්‍රංශ ආහාර වට්ටෝරුවේ පියා ලෙස සැලකෙන 91ක් වියැති පෝල් බොකුස් නම් ලෝක ප‍්‍රසිද්ධ සුපවේදීයා පසුගිය ජනවාරි 20 වනිදා අභාවප‍්‍රාප්ත විය. පසුදින එනම් 21වෙනි ඉරිදා ප‍්‍රංශයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල ප‍්‍රධාන සිරස්තල ඔහුගේ අභාවයයි. ඔහුගේ අවසන් කටයුතු ඉතාමත් චාම් අන්දමින් 26 වෙනි සිකුරාදා නැගෙනහිර ප‍්‍රංශයේ ලියෝන් නගරයේ සෙන්ට් ජෝන් කතෝලික දේවස්ථානයේදී ලොව රටවල් 22ක සුප‍්‍රසිද්ධ සුපවේදීන් 1500කගේ හා වෙනත් සම්භාවනීය අමුත්තන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඉතාමත් චාම් අයුරින් සිදු කෙරුණි. ඇලන් ඩුකාස්  ල ජොඑල් රෝබුචොන්   ල යැනික් අලේනෝල මාර්ක් වෙයිරාල ගී සව්වාල පියෙර් තුරුවාග්‍රෝල මාර්ක් හේබර්ලින් යන ප‍්‍රංශයේ සුප‍්‍රසිද්ධ තරු තුනේ සුපවේදීහු ද ඊට සහභාගී වූහ. පෝල්ගේ අවසන් ඉල්ලීම පරිදි දේහයට මල් තැබීම, මල් ඉසීම, රාජ්‍ය ගෞරව, අවමංගල්‍ය පෙරහැර, විශේෂ අවමංගල්‍ය උත්සව, කතා පැවැත්වීම යනාදිය කිසිවක් නොමැතිව හා ප‍්‍රංශ ජනාධිපති හෝ අගමැතිවරයාගේ සහභාගිත්වයකින් තොරව සිදුකළ බව ඔහුගේ එකම පුත් තරු දෙකේ සුපවේදි 49 හැවිරිදි ජෙරොම් බොකුස් මහතා පැවසීය. ඔහු කුඩා කල සිට ඇසුරු කළ ළඟම මිතුරන් දෙදෙනා වන සුපවේදී පියෙර් තුරුවාග්‍රෝ හා මාර්ක් හේබර්ලින් කතා පැවැත්වූ අතර ප‍්‍රංශයේ අභ්‍යන්තර ආරක්ෂක කටයුතු පිළිබඳ ඇමති ලියෝන් මහා නගර සභාවේ හිටපු නගරාධිපති දිගු කලක් ඔහුගේ මිත‍්‍ර ජේරාල්ඞ් කොලොම්බ් මහතා ද කතා කළේය. ආගමික වතාවත්වලින් පසු ඔහුගේ දේහය දේවස්ථානයේ ප‍්‍රධාන දොරටුව ඉදිරිපිට තබා 50 දශකයේ ප‍්‍රංශයේ ජනප‍්‍රියම ගායිකාව හා සිනමා නිළියකව 1965 දී නැසී ගිය ප‍්‍රංශ ජාතික එඩිත් පිඅප් ගයන ඔහු වැඩියෙන්ම ප‍්‍රියකළ කල ..නෑ මම කිසිවක් ගැන පසු තැවිල්ලක් නෑ ” යන ගීතය වාදනය කිරීමෙන් පසු දේහය ඔහුගේ පවුලේ සුසාණ භූමියේදි මිහිදන් කරන ලදී.

1926 පෙබරවාරි 11 වැනිදා ලියෝන් ප‍්‍රධාන නගරයට යාබද කොලොන් මොන්ට් ඩෝර් නම් ග‍්‍රාමයේ උපත ලැබූ ඔහු තෙවරක් විවාහ ගිවිස ගෙන ඇති දෙදරු පියෙකි. කුඩා කල සිිට ආහාර පාන සැකසීම පිළිබඳ විශේෂ උනන්දුවක් දැක්වූ ඔහු එම ක්ෂේත‍්‍රයේ් අවසානය දක්වා හැදැරුවේය.

ලෝක ප‍්‍රසිද්ධ ආහාර වර්ග හඳුන්වාදීම, සැකසීම, ප‍්‍රදර්ශනය කිරීම, රස, ගුණ, වර්ධනය  නව සොයා ගැනීම් ආදි සුපවේදී විද්‍යාවෙන් ප‍්‍රංශය ලොව ඉදිරියෙන්ම සිටී. ප‍්‍රංශයට එම ස්ථානය ලබා දීමට පෙරමුණ ගත් සුපවේදීන් අතර පෝල් බොකුස් ඉදිරියෙන්ම සිටියි.

ඔහුගේ බොහෝ ව්‍යංජන එළවළු, මල් වර්ග හා පලතුරු මුල් කරගත් ඒවාය. එබැවින් ප‍්‍රංශයේ වැඩෙන රෝස මලක් ද ඔහුගේ නමින් නම් කර ඇත. බොහෝ රටවල රජවරුන්ගේ, රාජ්‍ය නායකයන්ගේ, ධන කුවේරයන්ගේ ප‍්‍රිය සම්භාෂණවලදී ඔවුන්ගේ කුස පුරවන්නෝ බොහෝ විට ප‍්‍රංශ සුපවේදියෝය. අන්තර් ජාතික සුපවේදීන් ශ්‍රේණිගත කිරීම හා තරු පැළඳවීමේ පිළිගත් සම්මුතිය වන්නේ මිච්ලැන් ගයිඞ් ආහාර නීති පද්ධතියයි. ප‍්‍රංශයේ බිහිවූ මෙම මිච්ලැන් ගයිඞ් පදනම  ආරම්භ කළ දර්ශක වාර්තා අන්තර් ජාතිකව පිළිගන්නා අතර එම නීති මාලා අන්තර් ජාතික සුපවේදී තරඟවලදී භාවිත කරනු ලැබේ.

ඒ අනුව වර්ෂ 1965දී සුපවේදියෙකු ලෙස තරු තුනක් ලබා ගන්නා ඔහු තරු තුනක් හිමි කර ගත් ලෝකයේ පැරණිම සුපවේදියා ලෙස සැලකේ. සියවසේ ප‍්‍රංශයේ ජනප‍්‍රිය බොහෝ ආහාර වට්ටෝරු ඔහුගේ නිර්මාණයන්ය.

ප‍්‍රංශයේ ආහාර ගැන ග‍්‍රන්ථ රාශියක් එළිදක්වා ඇතිි අතර එම ග‍්‍රන්ථයන් වර්තමාන තරුණ සුපවේදීන්ගේ අධ්‍යනය සඳහා නිර්දේශ කර ඇත. සුප ශාස්ත‍්‍රය හැදැරීමට ඔහු විසින් පිහිටුවන ලද ඇකඩමියක් ඒ රටේ පිහිටා ඇති අතර ජපන් ජාතික ශිෂ්‍යන් බෝහෝදෙනා එහි අධ්‍යාපනය හැදාරති.

ඔහුට  ගෞරව කිරීම පිණිස ලොව හොඳම සුපවේදියා තෝරන අන්තර් ජාතික තරගය ඔහුගේ නමින් නම් කර ඇත. මහද්වීප පහ නියෝජනය කරන සුපවේදින් 225 කගේ දක්ෂතාවන් සියැසින් දැක ගැනීමට අවස්ථාව ලැබෙන එම තරඟාවලිය  බොකුස් රන් කුසලානය ලෙස හඳුන්වයි. වර්ෂ 1987දී ආරම්භ කළ මෙම කුසලානයේ නිර්මාතෘ වන්නේ පෝල් බොකුස් සුප ශාස්ත‍්‍රවේදියායි. එක් එක් ක්ෂේත‍්‍රවල විශේෂ නිපුනතා දක්වන හා පරං්ම ශය පිළිගත් ගෞරවණීය පුරවැසියන්ට පිරිනමන ගෞරව නාමයන් රැුසක් හිමිකර ගැනීමටද ඔහුුට හැකිවී තිබේ.

එංගලන්තයේ බකිම්හැම් රජ මන්දිරය, ප‍්‍රංශයේ එලිෂේ පැලස් ජනාධිපති මන්දිරය , ඇමෙරිකාවේ ධවල මන්දිරය, මොන්ටිකාලෝ රජගෙදර, ලාස්වේගාස් ආදි  ලෝකයේ සුප‍්‍රසිද්ධ ස්ථානවල සම්භාෂණ හා භෝජන සංග‍්‍රහ පෝල් බොකුස් සුපවේදියාගේ රස බොජුන්වලින් රසවත් විය. වර්ණවත් විය. සියවසේ සුපවේදියා ලෙස විරුදාාවලිය ලත් ලෝකයේම ගෞරවයට පාතරල  වූ මොහු ඉතාමත් නිරහංකාර කාගෙත් සිත් ඇද ගන්නා ගෞරවණීය සරලම මිනිසෙකි.ඉතාමත් අඩු වටිනාකමකින් යුත් මිනී පෙට්ටියක දැස් පියාගත් ලෝකයම ජයගත් එම මිනිසා ඉතාමත් සරල ලෙස අවසන් ගමන් ගියේය.

සුනිල් ආනන්ද පැරීසියේ සිට



අදහස් (0)

සියවසේ ප‍්‍රංශ සුපවේදීයා දැයෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 160 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 99 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 89 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 26 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 292 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 133 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site