IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සැප එපා කී ඉම්රාන් ඛාන් නිල නිවසට හෙලිකොප්ටරයෙන් ගිහින්

පාකිස්තානයට සමෘද්ධිය ගෙන එන බවට පොරොන්දු වෙමින් බලයට පත් වූ ඉම්රාන් ඛාන් මේ වනවිට එරට සමාජ මාධ්‍යය තුළ දැඩි විරෝධයකට හා විවේචනයකට ලක්ව සිටී.

ඉම්රාන් ඛාන් තම පෞද්ගලික නිවසේ සිට නිල නිවස දක්වා හෙලිකොප්ටරයකින් ගමන් කළ බවට මේ වනවිට චෝදනා එල්ල වී තිබෙන අතර පෞද්ගලික නිවසේ සිට ඉම්රාන් ඛාන්ගේ නිල නිවස දක්වා ඇති දුර සැතපුම් 9.3 (කිලෝමීටර 15) ක් බව පැවසේ. 

නව අගමැති ඉම්රාන් ඛාන් මෙලෙස තම නිල නිවෙස වෙත යෑම සඳහා හෙලිකොප්ටරයක් භාවිත කිරීම පාකිස්තාන සමාජ මාධ්‍යයේ මේ සතියේ ප්‍රධානතම මාතෘකාව බවට ද පත්ව ඇත. 

වියදම් කප්පාදු කරන බවටත්, ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ අනෙක් මැති ඇමැතිවරුන් සහ සියලු නිලධාරීන් පළමු පන්තියේ ගුවන් ගමන් යෑම තහනම් කිරීම, වියදම් කප්පාදු කිරීම යනාදි පියවර ගන්නා බව පැවැසීමෙන් අනතුරුව ඉම්රාන් ඛාන් මෙසේ හෙලිකොප්ටරයෙන් දෛනිකව ගමන් බිමන් යෑම බොහෝ පිරිසකගේ දැඩි විවේචනයට ලක්ව තිබේ. 

ආරක්ෂක පියවරක් ලෙස අගමැති ඉම්රාන් ඛාන් මෙසේ හෙලිකොප්ටරයෙන් තම නිල නිවස වෙත ගමන් ගත් බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්තානයේ ජනමාධ්‍ය අමාත්‍ය ෆවාද් චෞද්රි පැවැසීය. 

පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඒ බව පැවැසීය. හෙලිකොප්ටරයකින් කිලෝමීටරයක දුරක් යෑම සඳහා වැය වන්නේ පාකිස්තාන රුපියල් 55ක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 73කට ආසන්න මුදලක්) යැයි ද හෙතෙම කීය.

“මම දැක්කා ඔය විස්තර අන්තර්ජාලයේ තියෙනවා” දැක්කා යැයි ද ඔහු කීවේය. 

ඔහුගේ එම ප්‍රකාශය ද දැඩි විවේචනයකට මෙන්ම උපහාසයකට ද ලක්ව තිබේ. එතරම් අඩු මුදලකට හෙලිකොප්ටරයෙන් ගමන් බිමන් යෑමට හැකිවීම සම්බන්ධයෙන් පාකිස්තාන ජනතාව සැක උපදවාගෙන සිටිති.

හෙලිකොප්ටරය යන වචන යොදමින් ට්විටර් සමාජ ජාලය තුළ ට්විටර පණිවුඩ 16,000කට වැඩි සංඛ්‍යාවක් නිකුත්ව තිබීමද විශේෂත්වයකි. ඇතැම් පිරිස් ඒ සම්බන්ධයෙන් හාස්‍ය ජනනය කරන ඡායාරූප, චිත්‍ර ආදී බොහෝමයක් ද හෙලිකොප්ටර යන වචනය යටතේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කළහ. 

බී.බී.සී ඇසුරිනි

055

 



අදහස් (13)

සැප එපා කී ඉම්රාන් ඛාන් නිල නිවසට හෙලිකොප්ටරයෙන් ගිහින්

Nandalal DE SILVA - France Friday, 31 August 2018 10:16 PM

මෙයත් අපේ රටේ ගුරාලා වගේ "කටින් බතල කොළ හිටවන කෙනෙක්" වගෙයි ! මෙයාගේ ගණිත ක්‍රම හැටියට හෙලිකොප්ටරයෙන් ගමන් යන එක ලාභ නම්, ළඟදීම පාකිස්තාන් ගුවනේ චොපර් පිරිලා තියේවි. එහෙම වුණත් එහේ දුම්රිය මැදිරි වහලෙත් ගමන් යන අයට, චොපර් එකේ නම් එවැනි සෙල්ලම දාන්න බැරි වෙයි..

:       1       9

dasanayaka Saturday, 01 September 2018 03:15 AM

කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි කිව්වේ කටකහනවට නෙවෙයිනේ. ඔය කතාව ඡන්දය දෙන මිනිස්සුන්ට මතක නැහැ.

:       79       191

Ape rate nam Saturday, 01 September 2018 08:55 AM

අපේ රටේ නම් එහෙම වෙන්නේ නැහැ 2015-01-08 න් පස්සේ. අපේ කට්ට්ටිය රට පාලනය කරන්නේ පොළොන්නරුවේ හිටන්... ළමයි හිටන් ගෙනියන්නේ නැහැ..

:       0       16

de silva Saturday, 01 September 2018 04:04 PM

අපේ ලොක්කත් මුලින්ම අපු ගමන් කතාකලේ රජතුමාගේ වෙඩි නොවදින කාර් තොගය , කුමාරවරුන්ගේ ලම්බෝර්ගිනි , රත්‍රන් අශ්වයෝ සහ පරිවාර සෙනග සමග දඩුමොනරෙන් ගිය ගමන් ගැන , මේවා සියල්ල හොයනවා කියල තමා උඩ පැන පැන කිවේ. නමුත් මාස කීපයක් යනකොට එතුමත් වෙඩි නොවදින බෙන්ස් කීපයක් ගෙන්වාගෙන , හෙමින් සැරේ මාසෙකට දෙතුන් වතාවක් කරදිය වළල්ලෙන් එහා පැත්තට යන්න ගත්ත.

:       0       34

Bamunuarachchi Saturday, 01 September 2018 04:37 PM

එහෙ අයියලා මේ අයියලා වගේම තමයි. කෙන්ද කන්ද කරනවා. සමහරවිට වෙනත් හේතුන් මත යා යුතුම නිසා වෙන්න ඇති හෙලිකොප්ටරයෙන් ගියේ... මඩගහන්න ඕනේ වුණාම හේතුව වුවමනා නැහැ... කළ කීදේ පමණි මඩ මාස්ටර්ලාට ඕනේ... මේ සිරි ලංකාවේ ඕවා කොපමණ වෙනවද? මෝඩ රැලකට ඕවා ඊළඟ ඡන්දෙදී සටන් පාඨ...

:       2       71

NUwan Saturday, 01 September 2018 05:30 PM

පාකිස්තානයේ ජනතාව දැන් ඉල්ලන් කනවා. හරියට අපිට හුටා වගේමයි.

:       24       178

amila Sunday, 02 September 2018 04:46 AM

ආරක්ෂා හේතුන් මත යන්නට ඇති සමහර විට.

:       0       172

සතයපාල Sunday, 02 September 2018 04:52 PM

දකුණු ආසියාවේ ප්‍රජාතන්ත්‍ර කියන්නෙම ප්‍රෝඩාකාරී දේශපාලන ක්‍රිඩාවක් පමණක් බව ඉම්රාන් ඛාන් කදිමට ඔප්පු කරමින් සිටින බවයි පෙනෙන්නේ.

:       27       12

wije Sunday, 02 September 2018 05:18 PM

ෂුවර් එකටම අපේ රටෙන් තමයි පුරුදු වෙන්න ඇත්තේ.

:       1       57

bandula Monday, 03 September 2018 10:56 AM

ලකාවේ, ඉන්දියාවේ, පකිස්ථානයේ , බන්ගලේ දේසේ, මියන්මාර් දේශපාලුවෝ ඔක්කොම එක වල්ලේ පොල් බව මුළු ලෝකෙම දන්නවා.

:       0       0

Bamunuarachchi Monday, 03 September 2018 11:55 AM

මේ මිනිස්සු පොතක පළමු පිටු දෙක තුන කියවා පොතට විවේචන ලියන මිනිස්සු. හලෝ අවුරුදු ගණනාවක් බලනවා මේ පුද්ගලයා කොහොම කෙනෙක්ද කියලා. සමහර විට බෙනාසීර් බූතොට කලදේ කරන්න සූදානමක් තිබුනානම්! ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නවා කියන්නේ ඕකයි. හෙලිකොප්ටරයේ ගියා කියලා පකිස්තානයේ ආර්ථිකය කඩා වැටෙන්නේ නැත. නමුත් පාකිස්තානයේත් මහබැංකුව කැඩුවොත් ආර්ථිකය කඩා වැටෙනවා ෂුවර්. රටේ පුරවැසිකමවත් නැති එකෙකුට මහබැංකුව බාර දෙන්න තරම් අමනයෙක් නොවෙයි ඉම්රාන් ඛාන් මහතා.

:       0       0

Bamunuarachchi Monday, 03 September 2018 12:00 PM

"ආරක්ෂක හේතුන් මත යන්නට ඇති සමහර විට." මෙන්න සුබවාදී සිතුවිල්ලක්. පත්වෙලා මසකින් කොහොමද ඉම්රාන් ඛාන් හොඳද නරකද කියන්නේ...? බෙනාසීර්ට වූ දේ දැක්කානේ....

:       0       0

ashand Wednesday, 05 September 2018 10:16 AM

හදිසි උවමනාවක් මත හෙලිකොප්ටරය පාවිච්චි කරන්නට ඇත . තම ප්‍රතිපත්ති පාවා දීමක් නොවෙනු ඇත .

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 263 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 588 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 4099 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


චීනයේ නගර ගිලා බහිනවා
2024 අප්‍රේල් මස 22 445 0

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ


ඉරාන ජනපති පාකිස්තානයට
2024 අප්‍රේල් මස 22 2597 0

ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ


මැතිවරණයෙන් ජනපති මුයිසුගේ පක්ෂයට ජය
2024 අප්‍රේල් මස 22 78 0

මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1639 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site