IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වෙනම රාජ්‍යයකට ඊශ්‍රායල අගමැතිගේ සහය

වෙනමම කුර්දි රාජ්‍යයක් පිහිටුවීම සඳහා සහාය දෙන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු මහතා පවසයි.

ඉරාකයේ සිටින කුර්දිවරුන් නිදහස උදෙසා ජනමත විමසුමක් පවත්වන්නැයි ඉල්ලා තිබෙන අවස්ථාවක ඊශ්‍රායල අගමැතිවරයා ඒ බව කීය. කෙසේ නමුත් කුර්දිවරුන්ගේ ඉල්ලීම ඉරාක ආණ්ඩුව ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

ඊශ්‍රායලය 1960 වසරේ කුර්දිවරුන් සමඟ රහසිගත හමුදා, බුද්ධි සහ ව්‍යාපාරික සබඳතා පැවැත්වූ අතර තමන්ට වෙනම රටක් හිමිවිය යුතු බව නිරන්තරයෙන් පැවසීය. ඉරාකය, තුර්කිය, සිරියාව සහ ඉරානය යන රටවල කුර්දිවරු ජීවත්වෙති.  

ඉරාක පාර්ලිමේන්තුව කුර්දිවරුන්ට වෙනමම පාලනයක් ලබා දීම ප්‍රතික්ෂේප කළ ද සැප්තැම්බර් 25 වැනිදා ජනමත විමසුමක් පැවැත්වීම සඳහා කෙසේ හෝ කටයුතු කරන බව ඉරාකයේ කුර්දි නායක මසූද් බර්සානි පැවැසීය.

“ඊශ්‍රායලය කුර්දිවරුන්ට නීත්‍යානුකූල රාජ්‍යයක් ස්ථාපිත කිරීම සඳහා සහාය දෙනවා” යැයි විදෙස් මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් අගමැති බෙන්ජමින් නෙදන්යාහු මහතා කීවේය.

කෙසේ වෙතත් තුර්කිය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන ‘කුර්දිස්ථාන කම්කරු පක්ෂය’ (පී.කේ.කේ) පක්ෂ ත්‍රස්ත සංවිධානයක් ලෙස සලකන බව ද ඊශ්‍රායල අගමැතිවරයා කීය. තුර්කිය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය ද පී.කේ.කේ පක්ෂය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සලකයි.

ඊශ්‍රායල අගමැතිවරයා සැප්තැම්බර් 19 වැනිදා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය ඇමතීමට නියමිතව තිබේ. එහිදි ඔහු කුර්දි වැසියන්ට සහාය දක්වමින් අදහස් දැක්වීමට නියමිත බව වාර්තා වේ.


(රොයිටර්-055)



අදහස් (3)

වෙනම රාජ්‍යයකට ඊශ්‍රායල අගමැතිගේ සහය

kumar (Galf) Wednesday, 13 September 2017 12:52 PM

කුර්දිවරුන් ලොව පැරණිම සෙනගක්, ඉරාකයේ මුල්ම පදිංචිකරුවන් කුර්දිවරුන්, ඈත ඉතිහාසයේ ලංකාද්වීපයට පැමිණි කුවෙනිගේ සෙනග කුර්දිවරුන් ගෙන් පැමිණි බවට සාක්ෂි සොයාගෙන තිබෙනවා. ඔවුන් ඉරාකයෙන් දකුණු දෙසට පැමිණ අද ඇති පාකිස්තානය සිට ලංකාවට නැවු නිසා බවයි පවසන්නේ....

:       171       163

sheela Thursday, 14 September 2017 12:11 PM

කොහෙන්ද මල්ලි ඔය තර්ක හොයා ගත්තේ? මොන පොතේද ඕව ලියල තිබ්බේ? මන් දැක්ක තව කවුදෝ කොහේදෝ කියල තියනවා දකුණු ඇමරිකාවේ මියන්වරු සහ ඉන්කා, ඇස්ටෙක් වගේ මිනිසුන් රවන රජ්ජුරුවෝ දඬුමොනරෙන් විසිට් කරයි කියල. කොහේ හරි පුරාජේරු ගහන්න පුළුවන් කතා අපේ අය ගොතන්න හරි සුරයි. කිසිම පදනමක් නැතිව. මල්ලි කියනදෙයක් පදනමක් ඇතිව කියන්න. ඔය ඊජිප්තුවේ පාරාවෝ, මිසරේ, බැබිලෝනියාවේ, රෝමන් කාරයෝ එක්ක එහෙමත් මොකුත් සම්බන්දයක් තිබිල නැතෙයි?

:       0       12

kumar (galf)Thursday, 14 September 2017 08:15 PM

ශීල; හොයල බලල කියවන්න ආචර්ය බණ්ඩාර මහත්තයාගේ "යටගියාවේ යටගිය තැන්" කියන කෘතිය. ඊට අමතරව කුර්දිස් වරුන්ගේ TV විකාශන වලට අහුන්කන්දෙන්න, බලන්න ලංකාවේ සිංහල භාෂාවට සමාන වචන කීයක් උචචාරණය වෙනවාද කියාලා, ලංකාවේ හැරුනාම "බණ්ඩා" කියන වචනය මා අසා තියෙන්නේ කුර්දිස් බාෂාවේ පමනයි. ඒ ඇරත් එම වංශයෙන් පැමිණුන "කුවේනියට" අවසානයේ ගල්ගසා මැරුවේ, ඒ දඬුවම එදා ආසියාවේ වෙනත් රටවල තිබුනේ නෑ, ඒ දඬුවම තිබුනේ බැබිලෝනියාවේ හා මැද පෙරදිග.

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 278 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 117 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 8640 15

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 101 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 412 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 729 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site