IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ලෝකය අමුතු නුපුරුදු සහ අවිනිශ්චිත කාලයකට පැමිණිලා - බැරැක් ඔබාමා

ජොහැන්නස්බර්ග්හිදීය (ඒ.එෆ්.පී)

ලෝකය “අමුතු, නුපුරුදු සහ අවිනිශ්චිත” කාලයකට පැමිණ ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා පවසයි. 

දකුණු අප්‍රිකාවේ අසාහය නායකයා ලෙස හැඳින්වෙන නෙල්සන් මැන්ඩෙලාට උපහාර දක්වමින් වාර්ෂික දේශනයක් පවත්වන අතර මෙවර එම දේශනය කරමින් ඇමෙරිකා හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ඒ බව සඳහන් කළේය. 

දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා වන නෙල්සන් මැන්ඩෙලාගේ සියවැනි ඡන්ම දිනය අද (18) ට යෙදී තිබිණි. ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයා තම දේශනයේදී ව්‍යංගයෙන් වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විවේචනය කළේය. 

“අසාධාරණ ලෙස සලකන, ප්‍රතිවිරෝධී සහ බියජනක සහ ත්‍රාසය පිරුණු දේශපාලනය” ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් නිශ්චිත කරුණු සහ සාධකවලට අවමන් කරන සහ කිසිදු හිරිකිතයක් නොමැතිව අසත්‍ය වපුරන නායකයන් ඊට නායකත්වය දෙන බව ද ඇමෙරිකා හිටපු ජනාධිපතිවරයා සිය දේශනයේදී සඳහන් කළේය.

කාලගුණ විපර්යාස ප්‍රතික්ෂේප කරන, ජාතිය පදනම් කරගත් සංක්‍රමණික ප්‍රතිපත්ති, නොහික්මුණු සහ කිසිදු පාලනයක් නැති ධනවාදය සහ අධිකාරිවාදී පාලනය ද බැරැක් ඔබාමාගේ විවේචනයට ලක්විය. එම සඳහන් කළ කරුණු සියල්ලම ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ මතභේදාත්මක වසර දෙකකට ආසන්න ජනාධිපතිධුර කාලයේ ප්‍රධාන ලක්ෂණය. 

“අප සිටින අමුතු, නුපුරුදු සහ අවිනිශ්චිත කාලයේදී, සෑම දිනයකම අසන්නට දකින්නට ලැබෙන්නේ ඔළුව අවුල් වියවුල් කරන කරදරකාරී පුවත් සිරස්තලය. මොහොතක විවේකයක් ගෙන වෙන්නේ මොනවාදැයි සිතා බැලීම ප්‍රයෝජනවත් වේවි කියලා මම හිතනවා” සිය දේශනය ආරම්භයේදී ඔබාමා කීය. 

ජොහැන්නස්බර්ග් නුවර ක්‍රිකට් ක්‍රීඩාංගනයට පැමිණි දස දහසකට වැඩි ජනතාවක් අමතමින් ඔබාමා සිය දේශනය කළේය. 

  “එය සියල්ලේම කොටසක් වෙලා. මොකද ආණ්ඩු සහ බලවත් ප්‍රභූන් අසමත් වෙලා. ඒ නිසා රාජකාරී කිරීමේ පැරැණි, වඩාත් භයානක සහ වඩාත් මිලේච්ඡ පැරැණි ක්‍රමයට ලෝකය ගමන් කරමින් තිබෙනවා. ලෝකය එම පැරැණි ක්‍රමයට ගමන් කිරීමේ තර්ජනයට ලක්ව තිබෙනවා” යැයි ද ඔබාමා කීවේය.  

නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා වන අතර බැරැක් ඔබාමා ඇමෙරිකා එක්සත් ජනපදයේ පළමු කළු ජාතික ජනාධිපතිවරයාය. දෙදෙනාම නොබෙල් සාම ත්‍යාගලාභීහු ද වෙති. 

055



අදහස් (1)

ලෝකය අමුතු නුපුරුදු සහ අවිනිශ්චිත කාලයකට පැමිණිලා - බැරැක් ඔබාමා

aslam Thursday, 19 July 2018 09:40 AM

මෙයත් එච්චරයි. මෙයත් බලයේ ඉන්න කාලේ ඕවට අනුබල දුන්න කෙනෙක්තමයි. හැම දේශපලකයම එකයි බැලුවහම.....

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 111 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 401 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 3919 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


චීනයේ නගර ගිලා බහිනවා
2024 අප්‍රේල් මස 22 363 0

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ


ඉරාන ජනපති පාකිස්තානයට
2024 අප්‍රේල් මස 22 2541 0

ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ


මැතිවරණයෙන් ජනපති මුයිසුගේ පක්ෂයට ජය
2024 අප්‍රේල් මස 22 73 0

මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 273 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site