IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට චීනයට චෝදනා

 

නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සූකී අත්අඩංගුවට ගනිමින් මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණයට චීනය සම්බන්ධ යැයි මියන්මාර විරෝධතාකරුවෝ චෝදනා කරති.

මියන්මාර හමුදා ජුන්ටාව අවුන් සාන් සූකී ඇතුළු දේශපාලන නායකයන් අත්අඩංගුවට ගනිමින් පෙබරවාරි 1 වැනිදා එරට බලය ඇල්ලීය.

මේ සතිය මුළුල්ලේ මියන්මාරයේ යැංගොන් නුවර චීන තානාපති කාර්යාලය ඉදිරියේ විරෝධතා පැවැත්වුණු අතර චීනය මියන්මාරයේ හමුදා ජෙනරාල්වරුන්ට සහාය දක්වන්නේ යැයි විරෝධතාකරුවෝ චෝදනා කළහ.

චීන තානාපති කාර්යාලය ඉදිරිපිටට රැස් වූ ඇතැම් විරෝධතාකරුවෝ “චීනය, ලැජ්ජයි ඔබ ගැන” යනුවෙන් සඳහන් වන විරෝධතා පුවරු රැගෙන සටන් පාඨ කීහ. මෙම විරෝධතා පුවරුවල සටන් පාඨ සඳහා ඉංග්‍රීසි, චීන සහ බුරුම යන භාෂා භාවිත කළ තිබූ බව ද එරට මාධ්‍ය වාර් තා කර තිබිණි.

“මියන්මාරයේ හමුදා ඒකාධිපතීත්වය චීනයේ නිර්මාණය කරන ලද්දක්” යැයි එක් විරෝධතා පුවරුවක දැක්විණි. “මේක අභ්‍යන්තර ප්‍රශ්නයක් නම්, ඇයි ඔබ හමුදා ජුන්ටාවට උදව් කරන්නේ යැයි” තවත් විරෝධතා පුවරුවක දැක්විණි.

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව මේ වනවිට දිනපතා විරෝධතා පැවැත්වෙන අතර චීන තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතා හේතුවෙන් මියන්මාරයේ චීන තානාපතිවරයාට ඊට ප්‍රතිචාර දැක්වීමට ද සිදුවිය.

“මියන්මාරයේ දැන් සිදුවෙන දෙය චීනයේ අපට අවශ්‍ය දෙයක් නෙමෙයි. අපිට එහෙම දෙයක් දකින්න අවශ්‍ය නැහැ. මියන්මාරයේ දේශපාලන වෙනසක් වන බවට චීනයට කලින් දන්වා තිබුණේ නැහැ. ඒ වගේම චීනය එහෙම දෙයක් දැනෙගන හිටියෙත් නැහැ. මියන්මාර හමුදා පාලනයට හෝ ජෙනරාල්වරුන්ට චීනය සහාය දක්වනවා කීම විහිළුවක්” යැයි චීන තානාපනතිවරයා පැවැසීය.

චීනය, මියන්මාර හමුදා පාලනයට සහාය දක්වන බවට චෝදනා එල්ල වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ චීනය ප්‍රසිද්ධියේ සහ සෘජුව හමුදා කුමන්ත්‍රණය හෙළා නොදැකීම යැයි ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පෙන්වාදෙති. හමුදා කුමන්ත්‍රණයට සති කිහිපයකට පෙර චීන විදේශ අමාත්‍ය වැන්ග් යී සහ මියන්මාරයේ හමුදාපති සහ වත්මන් හමුදා ආණ්ඩුවේ ප්‍රධානී මින් අවුන් ලායිං අතර පැවැති සාකච්ඡාව ද චීනයට චෝදනා එල්ල වීමට තවත් හේතුවක් වී තිබේ.

මියන්මාරයේ නේපිඩෝ නුවරදී ජනවාරි 12 වැනිදා එම සාකච්ඡා පැවැති අතර තමන් ජනාධිපති ධුරයට පත්වීමට කැමැති බව හමුදා ප්‍රධානියා එහිදි ප්‍රකාශ කර ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි. ඊට අමතරව පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවැති මහ මැතිවරණයේදී මැතිවරණ වංචා සිදුව ඇතැයි ද හෙතෙම චෝදනා කරයි.

ඉකුත් වසරේ පැවැති මහ මැතිවරණයෙන් අවුන් සාන් සූකීගේ නායකත්වයෙන් යුතු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගත්තේ ය.
 
(අල්ජසිරා, රොයිටර් සහ විදෙස් මාධ්‍ය ඇසුරිනි)

 
055



අදහස් (0)

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට චීනයට චෝදනා

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 783 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 119 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 295 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1515 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 474 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site