IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මංගල තෑග්ගට බෝම්බයක්


 
ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටා ඇති ඔරිස්සා ප්‍රාන්තයේ අලුත යුග දිවියට පත් යුවලකට ලැබුණු තෑගි පරීක්ෂා කිරීමට යාමේදී එක තෑගි පාර්සලයක් පුපුරා ගොස් මනාලයා සහ ඔහුගේ 85 හැවිරිදි මිත්තනිය මරුමුවට පත්වී අලුත ගෙනා මනාලිය බරපතල තුවාල ලැබීමේ පුවතක් වාර්තා වේ.

ඉකුත් පෙබරවාරි 18 වැනි දා විවාහයට පත්වී ඇති මෙම නව යුවල මදුසමය ගත කිරීමෙන් පසු දින කිහිපයක් නිවසින් පිටත ගතකර නිවසට පැමිණ තිබේ.

පසුව සිය මනමාලිය සහ මිත්තනියද සමඟ විවාහ දිනයේ ලැබුණු තෑගි විවෘත කර බලමින් සිටින අතරතුර එක පාර්සලයක් විවෘත කරනවාත් සමගම  එම පාර්සලය පුපුරා ගොස් ඇත.

පසුව කරන ලද සොයා බැලීමකදී එම  පාර්සලය දුන් තැනැත්තාගේ නමක් සදහන් කර නොමැතිව ලබා දී ඇති ත්‍යාගයක් බව පොලිසිය මේවන විට අනාවරණය කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

සෞම්‍යා සෙකාර් සහ රීමා සාහු ගේ විවාහ මංගල්‍යය මෙසේ අවසන් කිරීමට උත්සාහ කළ තැනැත්තා සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත්  සදහන් වේ.
 
-222



අදහස් (6)

මංගල තෑග්ගට බෝම්බයක්

abaran Sunday, 25 February 2018 05:41 AM

චාල්ස් බ්‍රොන්සන් රඟපාන "මිකැනික්" චිත්‍රපටිය මතක් වෙනවා.....හරිම බිහිසුණු ඛේදවාචකයක්...

:       2       44

ruchi Sunday, 25 February 2018 06:53 AM

අහිංසකයෝ දෙන්නෙක් ජීවිතේ පටන් ගන්නකොටම විනාශකරලා.

:       0       38

නුමා Sunday, 25 February 2018 09:34 PM

කණගාටුදායක පුවතක්. නමුත් විවාහයම නිතරම පුපුරන එහෙත්, එක්වර මිය නොයන බෝම්බයක් සමඟ ගිවිසුමකට එලඹීමක්.

:       0       22

kasun Monday, 26 February 2018 12:58 AM

ගෝටා එහෙම ඒ පැත්තේ ගියේ නැහැ නේද?

:       511       32

pradeep Tuesday, 27 February 2018 05:45 AM

අනිවාර්යෙන් මෙතන පෙම් හුටපටයක් තියෙන්නේ ඕනේ.

:       0       0

රවින් Tuesday, 27 February 2018 01:07 PM

විවාහය කියන්නේ කාල බෝම්බයක්. අර පරිස්සමෙන් රැක බලා ගතයුතු දෙයක්. ඒ මදිවට කවුදෝ කාලකන්නියෙක් තවත් එකක් එවලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 125 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 89 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 95 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 35 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 861 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 126 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site