බර්කිනා ෆාසෝහි පොතෙස්තන්ත්‍ර පල්ලියක සිදුකරන ලද වෙඩිතැබීමකින් හයදෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
යතුරුපැදි හතකින් පැමිණි ඝාතයන් විසින් පල්ලියේ පුජකවරයා සහ ඔහුගේ පුතුන් දෙදෙනා ද යාඥා කිරීම සඳහා පැමිණි වැසියන් තිදෙනකු ද මෙලෙස මරාදමා ඇත.
ඉරුදින පූජාව අවසානයේ මෙම වෙඩිතැබීම සිදුවූ බව පොලිසිය පවසයි.
බටහිර අප්‍රිකානු රටක් වන බර්කිනා ෆාසෝහි 2016 වර්ෂයේ සිට ජිහාදි ප්රචණ්ඩ ක්‍රියා පවතින නමුත් පල්ලියකට එල්ලවූ ප්‍රථම ප්‍රහාරය මෙය බව මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම ජිහාදි කණ්ඩායම් අල්කයිඩා සංවිධනය සහ අයිඑස් සංවිධානය සමග සබඳතා පවත්වන බවත් ස්වදේශීය කණ්ඩායම් වල සහාය ලැබෙන බවත් ආරක්ෂක අංශ පවසති.
(බීබිසි ඇසුරිණි - 085)
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බර්කිනා ෆාසෝහි පල්ලියක වෙඩිතැබීමකින් 6 ක් මරුට
chandima Monday, 29 April 2019 04:56 PM
අන්න බලන්න ඕක තමයි ගෝලීය ත්‍රස්තවාදේ. එකනේ අපේ නායකතුමා කිව්වේ විදේශ සහය අරන් ගෝලීය ත්‍රස්තවාදේ නැතිකරන්නයි අපි යන්නේ කියලා. මෙහෙ ත්‍රස්තවාදේ පස්සේ බලාගමු, ඉස්සරවෙලා ගෝලීය ත්‍රස්තවාදේ.
Jaya Wednesday, 01 May 2019 02:11 PM
දවසේ කියමන මම නම් හිතන්නේ. ඕකටම තමයි කියන්නේ ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ කියලා...