කලාපීය තත්ත්වය සහ ද්විපාර්ශවීය කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා, චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා හමුවිය.
චීනයේ සංචාරයක නිරත වී සිටින පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා චීන ජනාධිපතිවරයා හමු වී දෙරටට ප්රතිලාභ අත් කරදෙන කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බව ‘රේඩියෝ පාකිස්තාන’ පුවත් සේවය වාර්තා කර තිබිණි.
චීන විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයට අනුව චීන ජනාධිපතිවරයා සහ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා පැයකට ආසන්න කාලයක් සාකච්ඡා පවත්වා ඇති අතර චීන ජනාධිපතිවරයා ගෞරව කිරීමක් වශයෙන් අගමැති ඉම්රාන් ඛාන්ට දිවා භෝජනා සංග්‍රහයක් ද පවත්වා ඇත.
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සමඟ එරට විදේශ කටයුතු අමාත්‍ය ෂහ් මහ්මූද් කුරේෂි ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනකු සහ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම චීන සංචාරයට එක්වූහ. හමුදාවේ ප්‍රධානීන් කිහිපදෙනකු ද ඊට එක්ව සිටි බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් දිගින් දිගටම ස්ථාවර මතයක සිටීම සම්බන්ධයෙන් අගමැති ඉම්රාන් ඛාන් චීන ජනාධිපති ෂී ජින්පින්ග් සහ චීන ආණ්ඩුවට කෘතඥතාව පළ කළ බව පාකිස්තාන අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්විණි. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියේදීද චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර පාකිස්තානයට වැඩි පක්ෂපාතීත්වයක් දක්වමින් හෙතෙම අදහස් දැක්වීය.
චීනය සෑම දුෂ්කර අවස්ථාවකදීම පාකිස්තානයට සහාය දැක්වූ බව ද අගමැති ඉම්රාන් ඛාන් මෙහිදි පවසා ඇත.
‘ඩෝන් ඇසුරිනි’
055
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් චීන ජනාධිපති හමුවෙයි