ඉස්ලාමාබාද්හීදීය (රොයිටර්)
පාකිස්තානයේ පැවැති දේශපාලන රැස්වීමකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් සමඟ එරට ආරක්ෂාව සම්බන්ධයෙන් නැවත වරක් අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වී තිබේ.
පාකිස්තාන මහ මැතිවරණය ලබන 25 වැනි දා පැවැත්වීමට නියමිත අතර ඉදිරි සති දෙකක කාලයේදී මැතිවරණ රැළි පැවැත්වීමට ඇති බැවින් ඒවායේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත.
නිරිත දිග පාකිස්තානයේ බලුකිස්තාන් පළාතේ පැවැති මැතිවරණ රැළියකට සිකුරාදා (13) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 130කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් එරටට පැමිණීමට පැය කිහිපයකට පෙරය. සිකුරාදා (13) ලන්ඩනයේ සිට පාකිස්තානයට පැමිණි හිටපු අගමැතිවරයා ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත්විය.
එංගලන්තයේ ලන්ඩන් නුවර නිවාස සංකීර්ණයක් මිලදී ගැනීමේදී කරන ලද වංචාවක් ද ඇතුළුව දූෂණ චෝදනා රැසකට වරදකරු කරමින් නවාස් ෂරීෆ්ට වසර දහයක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණයක් මේ මස මුල් සතියේදී පියවර ගෙන තිබිණි. එම තීන්දුව අභියෝගයට ලක්කරමින් ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා පාකිස්තානයට පැමිණි අවස්ථාවේදී හිටපු අගමැතිවරයා එලෙස ගුවන් තොටේදී අත්අඩංගුවට පත්විය.
මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය උණුසුම් වී තිබෙන අතර හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ගේ ‘පාකිස්තාන් තරීෆ් ඊ ඉන්ෆාස්’ පක්ෂයෙන් නවාස් ෂරීෆ් නියෝජනය කරන ‘පාකිස්තාන මුස්ලිම් ලීගය - එන්’ පක්ෂයට දැඩි අභියෝගයක් එල්ල වී තිබේ. ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ පක්ෂයට ආරක්ෂක අංශවලින් සහයෝගය හිමිවනට චෝදනා එල්ල වී තිබේ. නවාස් ෂරීෆ් අපරාධකරුවකු බවත් ඔහුට කිසිවකුගේ සහාය හිමි නොවිය යුතු බවත් ඉම්රාන් ඛාන් අවධාරණය කරයි.
ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබෙන්නේ මෙවැනි උණුසුම් තත්ත්වයක් මධ්‍යයේය. සිකුරාදා ප්‍රහාරයේ වගකීම අයි.එස් සංවිධානය විසින් බාරගෙන තිබිණි. මේ අතර පසුගිය සති කිහිපයේදී පාකිස්තානයේ ප්‍රදේශ රැසකින් ප්රචණ්ඩ ක්‍රියා වාර්තා විය. මිලියන 208ක් ජනහගනයක් වෙසෙන පාකිස්තානයේ ඉදිරි දින කිහිපයේ පැවැත්වෙන මැතිවරණ රැලිවලට දහස් ගණනක් සහභාගී වනු ඇත. ඒ අනුව අවදානම තවත් ඉහළ ගොස් තිබේ.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පාකිස්තානයේ ආරක්ෂාව යළිත් වරක් අර්බුදයක