ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්)
‘අශ්ලීල’ චිත්‍රපට දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම තහනම් කරන බව පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ නව ජනමාධ්‍ය අමාත්‍ය ෆයාස් උල් හසන් චෝහාන් නිවේදනය කර ඇත.
මේත් සමඟ පාකිස්තානයේ නව අගමැති ඉම්රාන් ඛාන් යටතේ දැඩි ඉස්ලාමීයවාදී දේශපාලනඥයන් වර්ධනය වීමේ අවදානමක් ඇති වී තිබේ.
ඉස්ලාමීය දේශපාලනඥයකු වන ෆයාස් උල් හසන් චෝහාන් පන්ජාබ් ප්‍රාන්තයේ නව ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්වූයේ පසුගිය සතියේදීය.
ප්‍රාන්ත ජනමාධ්‍ය අමාත්‍යධුරයට පත්වීමෙන් පසු චෝහාන් 2011 වසරේ දී පන්ජාබ් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ඝාතනය කළ බවට චෝදනා ලැබ සිර දඬුවම් නියම වී සිට මියගිය පුද්ගලයාගේ සොහොනට ගියේය. ඊට පසු පාකිස්තානයේ ජනප්‍රිය ගායිකාව හා නිළියක වන නාර්ගිස් සම්බන්ධයෙන් දැඩි විවේචනයක් කළේය. ඔහුගේ මේ ක්‍රියාකලාපය විපක්ෂ කණ්ඩායම්වල විවේචනයට ලක්ව තිබිණි.
“පන්ජාබ් ප්‍රාන්තයේ සිනමා ශාලාවක හෝ වෙනත් තැනක අසභ්‍ය හෝ අශ්ලීල හෝ විශාල දැන්වීම් පුවරු තිබුණොත් ඒවා ඉවර කරන්න දවස් තුනක් දෙනවා ඒ දවස් තුන ඇතුළත ඉවත් කළේ නැතිනම් දඩයක් ගෙවන්න වෙනවා. එසේ දඩය ගෙව්වේ නැතිනම් සිනමා ශාලාව වසා දමනවා” නැගෙනහිර ලාහෝරයේ නගරයකදී මහජනතාව අමතමින් චොහාන් ඒ බව පැවැසීය.
“අඩ නිරුවත් ගැහැණුන්ගේ ඡායාරූප මුද්‍රණය කර විශාල දැන්වීම් පුවරුවල දාන්නේ මොන මනුෂ්‍යත්වය ද ?” හෙතෙම ප්‍රශ්න කළේය.
ඉම්රාන් ඛාන්ගේ මැතිවරණ ජයග්‍රහණයට ඉස්ලාමීය පක්ෂවලින් විශාල සහයෝගයක් හිමිවිය. ‘ජමාත් ඊ ඉස්ලාමි පාකිස්තානි’ පක්ෂය නියෝජනය කරමින් චොහාන්, ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ්, යුක්තිය සඳහා වූ ව්‍යාපාරයට එක්විය.
“මෙය පැහැදිලිව සංස්කෘතික පොලිසියක ලක්ෂණයක්” යැයි වාමාංශික දේශපාලනඥයකු හා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටින ක්‍රියාකාරිකයකු වන අමාර් රෂීඞ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
වත්මන් සිදුවීමම් සැලකිල්ලට ගැනීමේදී දැඩි ඉස්ලාම්වාදී ස්වරූපයක් වර්ධනය වෙමින් තිබෙන බියක් ඇතැයි ද ඇතැම් පිරිස් පෙන්වාදෙති.
055
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පන්ජාබ් ජනමාධ්‍ය ඇමැති ‘අශ්ලීල’ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය තහනම් කරයි