ඒ.එෆ්.පී
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ඉතා ඉක්මණින් න්‍යෂ්ටික අවිහරණය කිරීමේ අවශ්‍යතාව තේරුම් ගෙන ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පවසයි.
උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අවසන් කරන තුරු සම්බාධක ඉවත් නොකරන බවද හෙතෙම කියයි.
දකුණු කොරියාවේ සංචාරයක නිරත වෙමින් ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා එම කරුණු කීවේය. ‘සම්පූර්ණ, තහවුරු කළ හැකි සහ නැවත වෙනස් කළ නොහැකි අන්දමින්’ කෙරෙන සම්පූර්ණ න්‍යෂ්ටික අවිහරණයකට ඇමෙරිකා එක්සත් ජනපදය සහාය දෙන බව ද මයික් පොම්පෙඕ පැවැසීය.
ඒ බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවීමෙන් පසු නිකුත් කළ ඒකාබද්ධ ප්රකාශනයේ ද සඳහන් ව තිබේ. උතුරු කොරියානු නායකයා සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්ගේ හමුවීමෙන් පසු නිකුත් කළ ‘පන්මුන්ජොම් ප්රකාශනයේද’ එම කරුණු සටහන් විය.
කෙසේ නමුත් ඇමෙරිකා ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයාගේ හමුවෙන් පසු ප්‍රකාශයට පත් කෙරුණු ලියවිල්ලේ ප්‍රමාණවත් විස්තරයක් නැති බවට විවිධ පාර්ශව වලින් ඇමෙරිකා ජනාධිපතිවරයාට චෝදනා එල්ල විය.
“කඩිනමින් න්‍යෂ්ටික අවි ඉවත් කිරීමේ අවශ්‍යතාව කිම් ජොන් උන් තේරුම් ගෙන ඇතැයි අපි විශ්වාස කරනවා. අපි එය ඉක්මනින් කළ යුතු” යැයි මයික් පොම්පෙඕ කීය.
දකුණු කොරියාවේ සාකච්ඡා අවසන් වීමෙන් පසුව රාජ්‍ය ලේකම් මයික් පොමපෙඕ චීන විදේශ අමාත්‍යවරයා හා සාකච්ඡා පැවැත්වීම සඳහා එරටට යෑමට නියමිතය.
055
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
න්‍යෂ්ටික අවිහරණය නතර කරන තුරු සම්බාධක ඉවත් නොකරයි