ඕමානයේ ගල්ෆ් කළාපයේදී ඉන්ධන නෞකා දෙකකට ප්‍රහාර එල්ල කිරීම පිටුපස ඉරානය සිටින බව ඇමරිකාව පවසයි.
ප්‍රහාරයට ලක්වූ එක් නෞකාවක බඳේ තිබී පුපුරා නොගිය බෝම්බයක් ඉරාන විශේෂ කාර්ය බලකාය විසින් ඉවත් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද ඇමරිකානු ආරක්ෂක අංශ විසින් මාධ්‍යට නිකුත් කර ඇත.
එසේම මෙම බෝම්බය ගැලවීමට පෙර නැව් බඳේ තිබෙන ආකාරය දැක්වෙන ඡායාරූපයක් ද ඔවුන් නිකුත් කර ඇත.කෙසේ වුවද ඉරානය මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.
මීට මාසයකට පෙර ඉන්ධන නෞකා හතරක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට නුදුරින් මුහුදේදී ප්‍රහාරයට ලක්වුණු අතර ඒ සම්බන්ධව ද ඇමරිකාව ඉරානයට චෝදනා එල්ල කළේය. එම අවස්ථාවේ සාක්ෂි කිසිවක් ඉදිරිපත් නොවුන අතර ඉරානය එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.
2017 වර්ෂයේදී ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පත්වීමෙන් පසු ඉරානය හා ඇමරිකාව අතර නොසන්සුන්තාවයන් වර්ධනය විය.
ඔබාමාගේ පාලන කාලයේ පවත්වාගෙන ගිය න්‍යෂ්ටික ප්‍රතිපත්තිය අත්හැර දැමූ ට්‍රම්ප් ඉරානයට සම්බාධක පැනවීය.
ඊයේ (13) නෞකා දෙකට ප්‍රහාර එල්ලවීමත් සමඟ තෙල් මිල සියයට හතරකින් ඉහළ ගිය බව මාධ්‍ය වාර්තා කර ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
තෙල් නැව් දෙකෙහි ප්‍රහාරය පිටුපස ඉරානය සිටින බව ඇමරිකාව කියයි