නව කොරෝනා වයිරසය හේතුවෙන් සෑම තත්පර 17 කට වරක්ම යුරෝපයේ අයකු මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය ප්‍රධානී වෛද්‍ය හාන්ස් ක්ලූජ් මහතා පැවැසීය.
කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් යුරෝපා මහද්වීපයේ ජාතික සෞඛ්‍ය පද්ධතිවලට දැඩි තර්ජනයක් එල්ල වී ඇතැයි ද හෙතෙම පැවැසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය ප්‍රධානී වෛද්‍ය හාන්ස් ක්ලූජ් බ්‍රහස්පතින්දා, එනම් ඊයේ (19) මෙම කරුණු සඳහන් කළ අතර ඒ වනවිට යුරෝපයෙන් වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 15.7 ඉක්මවා තිබිණි. මේ මාසයේදී පමණක් යුරෝපයෙන් වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන හතරකි. යුරෝපයෙන් මේ වනවිට වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 355,000කි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කලාපීය සංවිධානය සාමාජික රටවල් 53කින් සමන්විත ය.සාමාජික රටවලින්, රටවල් 80කට වැඩි සංඛ්‍යාවකින් දෛනිකව ශීඝ්‍ර වේගයකින් වයිරස ආසාදිතයන් හමු වන්නේ යැයි ද වෛද්‍ය හාන්ස් ක්ලූජ් පැවැසීය.
‘‘රෝහල්වල ඇඳන් පිරෙමින් තිබෙනවා. වයිරස ආසාදිතයන් වැඩි වෙමින් තිබෙනවා. දැඩි සත්කාර ඒකකවල පහසුකම් ද සීමා වෙමින් තිබෙනවා. දැත් සත්කාර ඒකක රෝගීන්ගෙන් පිරෙමින් තිබෙනවා’’ යැයි ද හෙතෙම කීය.
යුරෝපා කලාපයේ රටවල ආණ්ඩු පැනවූ සීමාවලින් යහපත් ප්‍රතිඵලයක් අත් වී ඇතැයි ද ඔහු කීවේය. යුරෝපයේ රටවල් බොහෝමයක් පසුගිය සති කිහිපයේදී නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි සීමා පැනවීය.
මීට සති දෙක තුනකට කලින් සතියකට වයිරස ආසාදිතයන් මිලියන 2 ඉක්මවා වාර්තා වූ බවත් පසුව එම ගණන් අඩු වූ බවත් වෛද්‍ය ක්ලූජ් කීය. කෙසේ නමුත් පසුගිය සතියේදී වයිරස ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවත් අවසන් සතියේදී වාර්තා වී ඇති වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 1.8ක් බවත් ඔහු කීවේය.
‘‘එන්නත් කිහිපයක්ම සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති බව අපට දැනගන්නට ලැබී තිබෙනවා. එය මේ වයිරසයට එරෙහිව යුද්ධයේදී විශාල බලාපොරොත්තුවක්’’ යැයි ද හෙතෙම කීය.
‘‘දැඩි ලොක්ඩවුන් සීමා පැනවීම අවසන් විසඳුම හා විකල්පයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. කොහොම නමුත් ලොක්ඩවුන් සීමා පැනවීමෙන් සිදුවන හානි වැඩියි. එවැනි සීමා ආර්ථික ප්‍රශ්න පමණක් නොව තවත් විවිධ අංශවල ප්‍රශ්න ඇති වෙනවා. මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් ගැටලු ඇතිවෙනවා. ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වෙනවා. මුඛ ආවරණ භාවිතය 95%ක් තරම් ඉහළ අගයක් ගන්නවා නම් ලොක්ඩවුන් කරන්න අවශ්‍ය නැහැ’’ යැයි ද වෛද්‍ය ක්ලූජ් කීවේය.
ලොක්ඩවුන් සීමා පනවා ඉතා ඉක්මනින් ඒවා ඉවත් කිරීමෙන් ද අහිතකර බලපෑමක් සිදු වන්නේ යැයි ද ඔහු කීය. එබැවින් ප්‍රජා සම්ප්‍රේෂණය සලකා බලා මට්ටම් සහ යම් ක්‍රියාවලියකට ලොක්ඩවුන් සීමා පැනවිය යුතු බව ද හෙතෙම පැවැසීය.පාසල් විවෘත කර තැබීම අත්‍යවශ්‍ය බව ද වෛද්‍ය ක්ලූජ් අවධාරණය කළේය.
‘‘දරුවන්ගෙන් වයිරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම අඩුයි. ඒ නිසා වයිරසය පාලනය සඳහා පාසල් වසා දැමීමේ අවශ්‍යතාවක් නැහැ. පාසල් වසා දැමීමෙන් ඵලදායී ප්‍රතිඵල අත් වෙනවා කියා සලකන්න බැහැ’’ යැයි ඔහු කීය.
පාසල් වසා දැමීම සම්බන්ධයෙන් සලකා බලන රටවල් එහි අහිතකර ප්‍රතිවිපාක, මානසික සහ සමාජ සුබසාධනය, විශේෂ අවශ්‍යතා අවශ්‍ය දරුවන් යනාදී කරුණු සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු යැයි ද වෛද්‍යවරයා කීවේය.
නත්තල සම්බන්ධයෙන් ද වෛද්‍යවරයා අදහස් දැක්වීය.
‘‘මේ පාර නත්තල බෙහෙවින් වෙනස්. එහෙත් සතුට නැතිවෙනවා කියන දේ එයින් අදහස් වෙන්නේ නැහැ. අපිට නත්තල සමරන්න පුළුවන්. හැබැයි එය වෙනස්. අපි සමාජ දුරස්ථභාවය තබාගෙන අන්තර්ජාලය හා විඩියෝ තාක්ෂණය ඔස්සේ රාමසාන් සහ දීපවාලී උත්සව සැමරුවා’’.
රොයිටර්/ඒ.එෆ්.පී.
055
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
තත්පර 17 කට වරක් යුරෝපයෙන් කොරෝනා මරණයක්