වොෂින්ටන්හිදීය (රොයිටර්)
ජී 7 සමුළුවට රුසියාව ද එක්විය යුතු යැයි ද ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි.
මීට පෙර ජී8 නමින් මෙම සමුළුව පැවැති අතර රුසියාවේ යුක්රේනයේ ක්‍රිමියා අර්ධද්වීපය අල්ලා ගැනීමත් සමඟ 2014 වසරේදී එයින් රුසියාව ඉවත් කෙරුණි. ඇමෙරිකා ජනාධිපතිවරයා රුසියාව ජී7 සංවිධානයට එක්විය යුතු බව සඳහන් කළ ද රුසියාව පවා එම අදහස් ප්‍රතික්ෂේප කරයි.
ඇමෙරිකා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඔහු සහ ජී7 සංවිධානයේ අනෙකුත් රටවල් නායකයන් අතර වෙළෙඳාම, දේශගුණ විපර්යාස සහ ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් මතභේද තිබෙන අවස්ථාවකදීය.
“ඔබ දන්නවා, ඔබ කැමැති වුණත් අකැමැති වුණත් , එය දේශපාලනිකව නිවැරැදි නොවුණත් අපට ලෝකය ඉදිරියට ගෙන යෑමට අවශ්‍යයි. ඒ වගේම ජී7ත් ඉදිරියට යා යුතුයි. එය කලින් ජී8 ලෙසයි තිබුණේ. ඔවුන් රුසියාව ඉවත් කළා. අනෙක් පාර්ශව රුසියාව නැවත සම්බන්ධ කර ගත යුතුයි. සාකච්ඡා මේසයේ රුසියාව සිටිය යුතු” යැයි කැනඩාවේ කිබෙක්සිටි හී පැවැත්වෙන 44 වැනි ජී7 සමුළුවට පිටත්ව යෑමට පෙර ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කීය.
- 055
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ට්‍රම්ප් රුසියාවට එන්න කියයි