බීජිංහිදීය (රොයිටර්)
තම පළමු ආසියානු සංචාරයේ නිරත වී සිටින ඇමෙරිකා එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් උතුරු කොරියාවට අනතුරු ඇඟවීය. නොවැම්බර් 5 තම ආසියානු සංචාරය ආරම්භ කළ ඇමෙරිකා ජනාධිපතිවරයා බදාදා (8) දිනයේ දී චීනයට පැමිණීමට පෙර ඒ බව පැවැසීය.
ට්‍රම්ප් ජනාධිපතිවරයා උතුරු හා දකුණු කොරියානු දේශසීමාවේ පිහිටි යුද මුක්ත කලාපයට ගමන් කිරීමට සිටියත් අහිතකර කාලගුණ තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ සංචාරය කිරීමට නොහැකි වූ බව ද වාර්තා විය.
“ඔබ නිෂ්පාදනය කරන න්‍යෂ්ටික අවි ඔබ ආරක්ෂා කරන්නේ නැහැ. ඒවා ඔබේ රෙජීමය දරුණු අවදානමකට පත් කරනවා” යැයි උතුරු කොරියානු නායකයාට නැවත වරක් අනතුරු අඟවමින් ඇමෙරිකා ජනාධිපතිවරයා පැවැසීය.
ඇමෙරිකා ජනාධිපතිවරයා තම ආසියානු සංචාරය අරඹන්නේම කොරියානු අර්ධද්වීපයේ උණුසුම් සහ අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබෙන මොහොතකය. පසුගිය මාස කිහිපයක කාලයේදී උතුරු කොරියානු නායකයා සහ ඇමෙරිකා ජනාධිපතිවරයා අතර උණුසුම් වචන හුවමාරු විය. වරෙක ඇමෙරිකා ජනාධිපති උතුරු කොරියානු නායක කිම් ජොන් උන් රොකට් මිනිසා ලෙස හැඳින්වූ අතර රොකට් මිනිසා මරාගෙන මැරෙන මෙහෙයුමක නිරත වී සිටින බව ද ප්‍රකාශ කළේය.
බී.බී.සී පුවත් සේවය පසුගිය දිනෙක ට්‍රම්ප් ජනාධිපති ලොව රටවල් සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කර තිබූ අතර එහිදි ට්‍රම්ප් ජනාධිපතිවරයා උතුරු කොරියාව සම්බන්ධයෙන් 47 වරක් ට්විටර් පණිවිඩ යොමු කර ඇතැයි අනාවරණය විය.
පසුගිය කාලය මුළුල්ලේම ඇමෙරිකා ජනාධිපතිවරයා උතුරු කොරියාව සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටියේය. අවශ්‍ය වුවහොත් උතුරු කොරියාවට එරෙහිව යුදමය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කළ ඇමෙරිකා ජනාධිපතිවරයා උතුරු කොරියාව විනාශ කරන්නේ යැයි ද කීවේය.
“උතුරු කොරියාවට හුදකලා කරන්න සෑම රටක්ම එකමුතු විය යුතුයි. ඔවුන්ට සැපයුම් දීම පිළිගැනීම නොකළ යුතුයි. ඒ වගේම කිසිදු අවස්ථාවකදී ඇමෙරිකාව අවතක්සේරු කරන්න එපා. අපි උත්සාහ කර බලන්න සැරසෙන්න එපා” යැයි ද ඇමෙරිකා ජනාධිපතිවරයා දකුණු කොරියාවේ දී තවදුරටත් කීය.
-055
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ට්‍රම්ප් යළි උතුරු කොරියාවට අනතුරු අඟවයි