සිරියානු සරණාගතයන් දහස් ගණනකට නිවහන සැපයීම සිදුවීමත් ප්‍රමාණවත් ජාත්‍යන්තර සහායක් නොමැති වීමත් හේතුවෙන් රට තීරණාත්මක ස්ථානයට පැමිණ ඇතැයි ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජු අනතුරු අඟවයි.
රාජ්‍ය වියදම් අඩු කිරීමටත් බදු ආදායම් කිරීමටත් රජය පියවර ගැනීමත් සමඟ ජෝර්දානයේ බොහෝ ස්ථානවල විරෝධතා ඇතිවිය. මෙම විරෝධතා හේතුවෙන් ජෝර්දාන අගමැති හනි මල්කි සඳුඳා (4) ධුරයෙන් ඉල්ලා අස්විය.
එසේ වුවත් තවමත් ජෝර්දානයේ බොහෝ තැන්වල විරෝධතා පවතින අතර සඳුඳා රාත්‍රීයේ මධ්‍යම අම්මාන් නුවර අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට 2,000කට වැඩි පිරිසක් එක්රැස් වූහ.
කලාපයේ ඇති අස්ථාවර තත්ත්වයත්, සිරියානු සරණාගතයන් දහස් ගණනකට නවාතැන් සැපයීමට සිදුවීමත් සහ ජාත්‍යන්තරයෙන් ලැබෙන සහයෝගය අවම වීමත් හේතුවෙන් රට ආර්ථික වශයෙන් අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇතැයි ද ජෝර්දාන රජු චෝදනා කරයි.
“ජෝර්දානය අද තීරණාත්මක තත්ත්වයකට පත්ව තිබෙනවා. එක්කෝ අපට මේ අර්බුදයෙන් ගොඩවිත් අපේ පුරවැසියන්ට අභිමානයෙන් සිටිය හැකි ජීවිතයක් උදා කළ හැකියි. එසේත් නැතිනම් දෙවියන්ගේ කැමැත්තට සිදුවේවි. කුමක් වේවිද කොහෝ යාවිද දන්නේ නැහැ? එසේ වුවත් අපි යන්නේ කොහේදැයි අපි දැන සිටිය යුතු” යැයි මාධ්‍යවේදීන් පිරිසක් හමුවෙමින් ජෝර්දාන රජු පැවැසීය.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල අදාළ ප්‍රතිසංස්කරණ සිදු කරන්නැයි ඉල්ලා තිබෙන අතර ජොර්දාන රජය බදු ප්‍රතිසංස්කරණ කළේ ඒ අනුවය. විරෝධතාකරුවෝ අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ද චෝදනා කළහ.
ඇතැම් විරෝධතාකරුවෝ තම දරුවන්ද උද්ඝෝෂණවලට පැමිණියහ. ඇතැම් පිරිස් ආරක්ෂක අංශ සාමාජිකයන්ට රසකැවිලි ද බෙදා දුන්හ.
ජෝර්දාන රජය පසුගිය මාසයේ දී නව ආදායම් බදු පනතක් හඳුන්වා දුන් අතර එය මෙතෙක් පාර්ලිමේන්තුවෙන් සම්මත වී නොමැත. මෙම නව ආදායම් බදු පනත ඔස්සේ සේවා නියුක්තිකයන්ගෙන් අය කෙරෙන බදු සියයකට පහකින් වැඩිවන අතර සමාගම් වලින් අය කෙරෙන බදු සියයට 20ත් 40ත් අතර ප්‍රමාණයකින් වැඩි වීමට නියමිතය.
ජෝර්දානයට එක්සත් ජනපද ඩොලර් මිලියන 723ක ණය මුදලක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2016 වසරේදී තීරණය කළේය. අවුරුදු තුනක කාලයකයට යටත් අදාළ ණය මුදල ලබාදීමේදී ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජෝර්දානයෙන් ඉල්ලා සිටියේය. බදු ප්‍රතිසංස්කරණ කළේ ඒ අනුවය.
ස්වභාවික සම්මත කිහිපයකින් සමන්විත ජෝර්දානය පසුගිය ජනවාරි මාසයේ සිට ඉහළ විරැකියා අනුපාතයකට මුහුණ දී සිටී. එමෙන්ම අවස්ථා කිහිපයකදීම පාන් සහ එරට ප්‍රධාන ආහාරවල මිල ගණන් වැඩි කෙරුණු අතර මූලික ආහාර මත බදුද පැනවිණි.
මේ වසර ආරම්භයේ සිට මේ දක්වා කාලයේදී ඉන්ධන මිල ගණන් අවස්ථා පහකදී වැඩි කෙරුණු අතර පෙබරවාරි මාසයේ සිට මේ දක්වා කාලයේ දී විදුලි බිල සියයට 55කින් වැඩිවිය.
වසර පහකට පසු ජෝර්දානයේ ඇති වූ දැවැන්තම විරෝධතා රැල්ල මෙය යැයි ද පැවසේ. ජෝර්දානය යනු ඇමෙරිකා එක්සත් ජනපදයේ සමීප මිත්රයෙකි. අරාබි වසන්තයෙන් පසු අරාබි සහ මැදපෙරදිග රටවල් රැසක විරෝධතා සහ නොසන්සුන්තා ඇති වූ නමුත් ජෝර්දානය ඉන් වැළැකී සිටි එක් රටකි.
ඒ.එෆ්.පී
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජුගෙන් අනතුරු ඇඟවීමක්
රජින්ද Tuesday, 05 June 2018 10:39 AM
ඇමෙරිකාව ප්‍රමුකව ලෝකේ කොහේ හරි රටක ප්‍රශ්නයක් ඇතිකරනවා අන්තිමේ එකෙන් පීඩා විදින්නේ කොහෙවත් තියෙන රටවල්. ඇමෙරිකාව සහ ඇතැම් යුරෝපා රටවල් නිසා ඇති වෙච්ච මේ සරණාගතයින් බාර ගැනීම ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරනවා, සමහරක් යුරෝපා රටවල් කරගන්න දෙයක් නැතුව බාරගෙන අද අවුල් වෙලා ඉන්නවා. කොහොමහරි සරණාගතයින් බාරගෙන අමාරුවෙන් ඇදගෙන යන රටවල් අවුල් කරන්න ඇමෙරිකාවට මුවාවෙලා ඉන්න මුල්‍ය අරමුදල එක එක යෝජනා ගේනවා. අන්තිමේ ඇමෙරිකාව පැත්තක ඉදන් සැප විදිනකොට අනික් රටවල් විනාශ වෙනවා.