IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජර්මනිය කාන්තා සනීපාරක්ෂක තුවාවලට පනවා තිබූ බදු ඉවත් කරයි

කාන්තා සනීපාරක්ෂක තුවා ඇතුළු සනීපාරක්ෂක අයිතම මත පනවා තිබූ බදු ඉවත් කිරීමට ජර්මනිය පියවර ගෙන තිබේ.

ජර්මනිය වයින්, සිගරට් සහ සනීපාරක්ෂක තුවා “සුඛෝපභෝගී භාණ්ඩ” ලෙස සැලකූ අතර ඒ මත ඉහළ බදු පනවා තිබිණි. කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන මත ඉහළම බදු පනවා ඇති රටක් ලෙස ප්‍රචලිතව තිබූ ජර්මනිය යුරෝපා සංගමයේ රටවල් 28 අතුරින් ඒ මත ඉහළම බදු පනවන 11 වැනි රට සැලකුණි.

කෙසේ නමුත් ජර්මානු පාර්ලිමේන්තුවේ බ්‍රහස්පතින්දා පැවැති ඓතිහාසික ඡන්ද විමසීමෙන් පසුව ඒ සියල්ල වෙනස්වීමට නියමිතව තිබේ.

සම අයිතිවාසිකම් ඉල්ලමින් ජර්මනිය තුළ පසුගිය කාලයේදී උද්ඝෝෂණ රැල්ලක් ක්‍රියාත්මක වුණු අතර ඒවායේ වර්ධනයක් ද දක්නට ලැබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස ලබන වසරේ සිට සනීපාරක්ෂක නිෂ්පාදන මත පනවා තිබෙන අලෙවි බදු ඉවත් කිරීමට ජර්මානු පාර්ලිමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව ලබන වසරේ ජනවාරි 1 වැනිදා සිට සියලුම සනීපාරක්ෂක නිෂ්පාදන මත පනවා තිබූ බද්ද සියයට 19කින් (සුඛෝපභෝගී භාණ්ඩ සඳහා) සහ සියයට 7කින් (දෛනික අවශ්‍යතා අනුපාතය මත) බදු අඩු කිරීමට නියමිතය.

“මෙය විශිෂ්ට තීරණයක්, අපි සාර්ථක වුණා. ඒ වගේම කාන්තාවන්ට වෙනස් කර නොසලකන බදු පද්ධතියක් ඇති කරගැනීමේ වැදගත් පියවරක්” යැයි ඡන්ද විමසීමෙන් පසු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජර්මනියේ ‘ද ග්‍රීන්ස්’ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලිසා පවුස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළාය

“බොහෝ කාන්තාවන් මේ වෙනුවෙන් සටන් කළා. අපි දැන් එය යථාර්ථයක් කරනවා. මේ වියදම් දරන්නේ කාන්තාවෝ” යැයි පසුගිය මාසයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජර්මනියේ මුදල් අමාත්‍ය ඔලාෆ් ෂොල්ස් පැවැසීය.

නනා යොසෆින් රොලොෆ් සහ යසිමින් කොට්‍රා යන ක්‍රියාකාරිනියන් දෙදෙනා මේ වෙනුවෙන් දීර්ඝ කාලයක් සටන් වැදුණු අතර මෙම තීරණය ඔවුන් දෙදෙනා ලැබූ විජයග්‍රහණයක් යැයි ද සී.එන්.එන් පුවත් සේවය පෙන්වා දී තිබිණි.

ඔවුන් දෙදෙනා සනීපාරක්ෂක තුවා මත තිබෙන බදු අඩු කරන්නැයි ඉල්ලමින් අන්තර්ජාලය ඔස්සේ පෙත්සමක් ද ඉදිරිපත් කළ අතර එය පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කෙරුණි. පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් විවාදයක් ද පැවැත්විණි. එම අන්තර්ජාල පෙත්සමට අත්සන් 200,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබිණි.

එම පෙත්සම නීති වෙනස් කිරීමට මඟ පෑදු බව ජර්මනියේ මුදල් අමාත්‍යවරයා මේ වසර මුලදී රොලොෆ්ට පවසා තිබිණි. සිය ජීවිත කාලය තුළ දී කාන්තාවක් සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා කොතරම් මුදලක් වියදම් කරනවාද යන්න ගණනය කිරීම දුෂ්කරය. පසුගිය වසරේදී ලන්ඩනයේ දී නිකුත් කෙරුණු වාර්තාවකට අනුව බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර ජීවත්වන කාන්තාවන් සිය ජීවිත කාලය තුළදී බැහැර කළ හැකි සනීපාරක්ෂක නිෂ්පාදන (ඔසප්වීමට සම්බන්ධ) මත කරන වියදම ස්ටාර්ලිං පවුම් 2,280ක් (ඇමෙරිකානු ඩොලර් 2,945ක් ආසන්න වශයෙන් රුපියල් 531,600ක්) යැයි ඇස්තමේන්තු කර තිබිණි. යට ඇඳුම් සඳහා කරන වියදම්, වේදනා නාශක සඳහා කරන වියදම්, ඔසප් වීම නිසා පාසලට හෝ රැකියාවට යෑමට නොහැකි වීම නිසා සිදුවන පාඩු යනාදිය එහිදි සැලකිල්ලට ගෙන නොතිබිණි.

“මේ සියල්ලමේ බර, වියදම, වේදනාව ආදී සියල්ලම දරන්නට සිදුව තිබෙන්නේ කාන්තාවන්ට. ඔසප්වීම කාන්තාවන්ට සැප පහසු දෙයක් නෙමෙයි” රොලොෆ් සී.එන්.එන් පුවත් සේවයට කීවාය.

සී.එන්.එන්. ඇසුරිනි 

(055)

 



අදහස් (15)

ජර්මනිය කාන්තා සනීපාරක්ෂක තුවාවලට පනවා තිබූ බදු ඉවත් කරයි

dilan Friday, 08 November 2019 06:48 PM

යමක් කියන්න කලින් සංජීවනීගෙන් අහලා ඉඳිමු.

:       1       215

PerakumSaturday, 09 November 2019 05:52 AM

කව්ද ඔය කියන සංජීවනී? දන්නේ නැති නිසයි අහන්නේ...

:       0       30

Nishan Friday, 08 November 2019 08:49 PM

ලිං මැඩියෝ ඔක්කොම ඉන්නේ පොහොට්ටුවේ...

:       5       128

janahitha Saturday, 09 November 2019 01:41 PM

ගෙම්ම්බෝ ඔක්කොම හංස විලේලු. අලි මැරෙනවා, අතින්නියොත් මැරෙනවා. අනේ මන්දා...

:       21       53

කල්පනා Saturday, 09 November 2019 01:27 AM

සජිත් මහතාගෙන් ඉගෙන ගත්තා වෙන්න බැරිද? ජර්මනියේ කාන්තාවන්ට ඔවුන්ගේ සනීපාරක්ෂාව වැදගත් වුවත් ලංකාවේ කාන්තාවන්ට සනීපාරක්ෂාව වැදගත්දැයි 16 දිනෙන් පසුව බලමු...

:       33       33

Asoka Saturday, 09 November 2019 02:01 AM

සජිත්ට සෑහෙන ප්‍රසිද්ධියක් ජර්මනියේ තියෙනවද අම්මපා...? දන්නේ නැති හින්දයි අහන්නේ...

:       80       15

ranjith Saturday, 09 November 2019 02:15 AM

අපේ රටේ කාන්තාවෝ මෝඩවත්, පණ්ඩිතවත් නැත. සංජීවනී වගේ අයට අනුකම්පා කරන්න වෙනවා...

:       0       153

Bamunuarachchi Saturday, 09 November 2019 04:48 AM

ඕක මොකක්ද?

:       237       0

kuma Saturday, 09 November 2019 07:04 AM

විශිෂ්ට තීන්දුවක්... සජිත් නැවත තැවතත් සංවේදී බව තහවුරු වෙනවා..

:       29       252

අනුර Saturday, 09 November 2019 11:26 AM

මම ඡීවත්වන්නේ ජර්මනියේයි. නමුත මා උපන් රටට තදින්ම ආදරය කරමි. අපේ රට හා ඡීවත්වන මිනිසුන් ගැන අතිශයින්ම කණගාටු වෙමි. ලොකයේම වාසනාවන්ත රට අපේ මව්රට නිසා මෙය ආරක්ෂා කිරීම අපේ යුතුකම යයි විශ්වාස කරමි.

:       120       58

BamunuarachchiSaturday, 09 November 2019 01:16 PM

ඔය ටික අර මැට්ටෝ 62 ට කිව්වනම් තමයි වටින්නේ.

:       86       3

pakeerSunday, 10 November 2019 02:49 AM

වාසනාවන්ත රට ලංකාව නම් මොකෝ ජර්මන් ගියේ. අනේ නිකන් ඉන්න. හැමෝම තමන්ගේ වාසිය ගැන හිතන්නේ. ඔබලත් එහෙමයි. දේශපාලකයොත් එහෙමයි. වැල් බයිලා ගහන්න තමයි දක්ෂයෝ.

:       11       89

fasmy Saturday, 09 November 2019 05:42 PM

පොහොසත් රටක් වන ජර්මනිය ඕවා නිකන් දෙනවා කියල කිව්වේ නෑ.

:       1       0

Bandara Sunday, 10 November 2019 08:29 AM

සජිත් නිකන්ම මතක් වෙනවා..

:       1       0

Chathuranga Monday, 11 November 2019 10:41 AM

මේක කාලෙකට කලින් ජර්මන් වල කතා වූ දෙයක්. මට මතකයි මාස 5 ට කලින් වගේ මේ ගැන ලිපියක් කියෙව්වා. සජිත්ගේ vote developing team එකටත් මේක සෙට් වෙන්න ඇත‍ි...

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 96 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 78 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 65 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 21 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 287 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 130 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1702 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site