බර්ලින්හිදීය (රොයිටර්)
මාස ගණනක අවිනිශ්චිතතාව අවසන් කරමින් ජර්මනියේ නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එරට චාන්සලර්වරිය වන ඇන්ජෙලා මර්කෙල්ගේ කන්සර්වේටිව් පාර්ශවය එරට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමගි ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාව පළ කර තිබේ.
මැතිවරණයේදී කිසිදු පක්ෂයකට බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට නොහැකි වූ අතර මැතිවරණයෙන් ආසන වැඩි සංඛ්‍යාවක් දිනාගත් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් අනෙකුත් පක්ෂ සමඟ සාකච්ඡා පැවත්වුවද එම සාකච්ඡා අසාර්ථක විය.
මේ තත්ත්වය හේතුවෙන් ජර්මනියේ මිත්‍ර රටවල් සහ ආයෝජකයන් අතර ජර්මනිය සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
ඇන්ජෙලා මර්කෙල් නායකත්වය දරන ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමඟ ආණ්ඩුවක් පිහිටුවීමට මෙලෙස දෙපාර්ශවය එකඟතාව පළ වී තිබේ.
මෙම එකඟතාවත් සමඟ ජර්මනියේ යුරෝ කලාප ප්‍රතිපත්තියේ වෙනසක් වනු ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කර තිබිණි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට මුදල් අමාත්‍යාංශය හිමිවීම ඊට හේතුව යැයි ද එම මාධ්‍ය වාර්තාවල දැක්විණි.
055
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජර්මනියේ සමගි ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාවය
රටවැසියා Thursday, 08 February 2018 02:12 PM
ඒකාබද්ධ විපක්ෂයක් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ කොටසකින් නැත්ද ?