IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජපානයේ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් 33 ක් මරුට

ජපානයේ කියතෝ හි පිහිටි සජීවීකරණ නිෂ්පාදන සමාගමකට අයත් ගොඩනැගිල්ලක අද (18) ඇති වූ ගින්නකින් 33 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබූහ.

කිසිවකු විසින් වුවමනාවෙන් කරන ලද ගිනි තැබීමකින් ගින්න ඇති ව ඇති නමුත් අද පස්වරුව වනතුරුත් කිසිදු තොරතුරක් නොලැබුණු බව කියතෝ පොලිසිය සඳහන් කළේය.  

මියගිය සංඛ්‍යාව තවදුරටත් වැඩිවිය හැකි යැයි ද සෝදිසි මෙහෙයුම් අතරතුරදී ද මළසිරුරු හමු වූ බව ද කියතෝ ගිනි නිවීම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කීහ.

අද සවස්වරුව වනවිට ලැබී තිබූ තොරතුරුවලට අනුව ගින්නෙන් පිළිස්සුම් තුවාල ලැබූ 35 දෙනකු රෝහල් ගත කර තිබූ බවත් ඔවුන්ගෙන් 10 දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් බලධාරීහු ප්‍රකාශ කළහ.

ගින්න ඇති වූ අවස්ථාවේදී ගොඩනැගිල්ලේ 70කට ආසන්න පිරිසක් සිටි බව ද වාර්තා විය.

ජපාන අගමැති ෂින්සෝ අබේ ද මෙම සිදුවීම සම්බන්ධයෙන් ට්විටර් සමාජ ජාලය ඔස්සේ සිය කනගාටුව පළ කළේය.

“පුද්ගලයකු යම් දියරක් විසි කරලා ඊට ගිනි තැබුවා” යැයි කියතෝ පොලිසියේ ප්‍රකාශකයෙක් ප්‍රංශ පුවත් සේවයට පැවැසීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවත් ප්‍රතිකාර සඳහා ඔහු රෝහල් ගත කළ බවත් තවත් වාර්තාවක් දැක්විණි.

ඒ.එෆ්.පී. ඇසුරිනි 

055

 

 



අදහස් (0)

ජපානයේ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් 33 ක් මරුට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 137 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 93 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 100 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 36 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 864 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 126 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1436 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site