ඉන්දියාව විසින් පසුගියදා ගුවන්ගත කළ චන්ද්‍රයාන් 2 යානය සඳ වටා කක්ෂගත වූ බව වාර්තා වේ. ඊයේ (20) ඉන්දියානු වේලාවෙන් පෙරවරු 09.02 ට මෙම කක්ෂගතවීම සිදුවී ඇත.
පසුගිය ජූලි 22 දා ඉන්දියාවේ ශිරාකොටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් යානය ගුවන්ගත කෙරුණු අතර කිලෝමීටර් 384000ක සාර්ථක ගමනකින් පසු චන්ද්‍රයා වෙත ලඟාවිය.
බලධාරින් පවසන්නේ සැප්තැම්බර් මස 07වන දින යානය චන්ද්‍රයා මතට ගොඩබැස්වීමට සැලසුම් කර ඇති බවයි.
චන්ද්‍රයාගේ දකුණු ධ්‍රැවය වෙත යානය ගොඩබස්වන අතර එම ප්‍රදේශයට අභ්‍යවකාශ යානයක් ගොඩබස්වන ප්‍රථම අවස්ථාව මෙය බව සැලකේ.
චන්ද්‍ර පෘෂ්ඨය මත පවතින ජලය සහ ඛණිජ ලවණ සම්බන්ධව ද භූ කම්පන සම්බන්ධව ද චන්ද්‍රයාන් 2 පර්යේෂණ සිදුකරනු ඇති බව ඉන්දීය විද්‍යාඥයෝ පවසති.
(බීබීසී ඇසුරිනි - 085)
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
චන්ද්‍රයාන් 2 යානය චන්ද්‍රයාගේ කක්ෂයට ඇතුළු වෙයි
shan Thursday, 22 August 2019 01:45 AM
අපිත් එක්කම නිදහස ලැබූ අපේ අසල්වැසියා හඳට යනවා. අපි...?
NuwanThursday, 22 August 2019 06:33 AM
අපි අපේ මෝඩ කසිප්පු පැකට් එකට, ටකරමට, වැසිකිලි පෝච්චියට, රුපියල් 500ට කෑදර ඡන්ද දායකයෝ නිසා වලපල්ලට යනවා..
විජිත් Thursday, 22 August 2019 05:55 PM
ශාන් මල්ලි, හිතට දුකයි, ඒ වගේම ලැජ්ජයි. එත් ඇත්ත තිත්තයි කියනවානේ. අපිට ඔයිටත් වඩා දේවල් කරන්න තිබුනා. නමුත් අපේ රටේ ජනයාගේ සියලුදෙනාගේම නොවෙයි එත් බහුතරයකගේ තිබෙන පහත්, අදුරදර්ශී ආකල්ප නිසා තමයි මේ දෙය අපිට වුනේ. ඉන්දියන් ජනගහනය බිලියන 1.3 විතර. ඇති නැති පරතරය විශාලයි. රටේ භාෂා 25 කටත් වැඩියි. ආගම්. අනේ මන්දන්නේ නැහැ 100 කටත් වැඩියි.. දුප්පත්කම හැම පැත්තකින්ම. එත් ඒ මිනිස්සු තමන්ගේ රටට හරිම ආදරෙයි. මහන්සිවෙලා ඉගෙන ගන්නේ. ඒ අයගේ පොත් හදලා තියෙන්නේ බාලම බාල ඒ රටේ නිපදවන කඩදාසි වලින්. ඒ වගේමයි ඒ අය ස්වයං පෝෂිතයි. ඒ අයගේ පළමුවන න්‍යෂ්ටික බෝම්බය හදපු වෙලේ ඇමෙරිකාවේ ජනාධිපති බිල් ක්ලින්ටන් ඉන්දියාවට විරුද්ධව සම්බාධක පැනවුවා. ඒ අයට කිසිම අගහිඟයක් ඇතිවුනේ නැහැ. අව්රුද්දක පස්සේ ඇමෙරිකාව ලැජ්ජාවෙන් සම්බාධක ඉවත් කළා. අපිට සම්බාධක දැම්මොත් එහෙම ....?
නයනක්කාරFriday, 23 August 2019 08:24 AM
ගෙදර අතුගාන කොස්සත් පිටරටින් ගෙන්වන අපි, මිනිරන්, ලෑලි, රබර් තියෙන රටේ පැන්සල, මකන කෑලි පවා පිටරටින්. බුද්ධදාස රජුගේ කාලයේ ඇතුළු ආදිමත් කාලයේ ලෝකයේම හොඳම සෞඛ්‍ය සේවාව තිබූ රටේ සෞඛ්‍ය ඇමතිත් ප්‍රතිකාර ගන්නේත් පිටරටින්...
vidya Friday, 23 August 2019 02:07 AM
ඉන්දියාවේ නායකයන් බුද්ධිමත්... හොරු, නොසන්ඩාලයෝ නෙමෙයි. අපේ අවාසනාවට අපි තවම නූතන ලෝකයේ යාචකයින්. උගත්, බුද්ධිමත් මිනිසුන්ට තැනක් නැහැ...
නයනක්කාරFriday, 23 August 2019 10:37 AM
ඒ වගේම ලංකාවේ නායකයින්ගෙන් භාගයක් බුද්ධිමත් හොරු...
mahinda Saturday, 24 August 2019 01:44 AM
පුතා හඳට ගියානේ කලින්ම