( තිළිණි ද සිල්වා )
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නව මහකොමසාරිස් ලෙස චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපතිනි මිචෙල් බැචලේ පත් කරනු ලැබ ඇත.
වත්මන් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කරන සෙයිද් රාද් අල් හුසේන්ගේ සිව් වසරක ධුර කාලය මෙම මස 30 වැනිදායින් අවසන් වීමට නියමිත අතර ඉන්පසුව ලබන මස 01 වැනිදා සිට මෙම නව මහ කොමසාරිස්වරිය ලෙස මිචෙල් බැචලේ වැඩ බාර ගැනීමටද නියමිත බව මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාල නිල වෙබ් අඩවිය සඳහන් කරයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් විසින් මෙම ධූරය සඳහා ඇය නම් කිරීම සිදුකරනු ලැබූ අතර ඒ අනුව ඉකුත් සිකුරාදා (10) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී ඒ සම්බන්ධයෙන් පැවති ඡුන්ද විමසීමකින් ඇයව පත් කර ගෙන තිබේ.
චීලී රාජ්‍යයේ හිටපු ජනාධිපතිනිය බැචලේ එම ධුරයට ඇය සැබෑ සුදුස්සා යැයි එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් ඇන්තෝනියෝ ගුටරේට්ස් පවසා ඇත.
1993 වසරේ සිට නිල වශයෙන් ඇරඹි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් දුරය සඳහා තේරී පත් වූ 13 වැන්නා බැචලේ වන අතර එම ධූරයට පත් දෙවැනි කාන්තාවද ඇය. ඇයට අමතරව දකුණු අප්‍රිකාවේ හිටපු නීතීවේදිනියක වන නවනීදන් පිල්ලේ මහත්මිද එම ධූරයේ කටයුතු කරනු ලැබුවාය.
මහකොමසාරිස් ධුරයට නම් කර ඇති මිචෙල් බැචලට් 2010 වසරේ සිට මෙම වසරේ මාර්තු මාසය දක්වා චිලී රාජ්‍යයේ ජනාධිපතිවරිය ලෙස කටයුතු කළ අතර එරට ජනාධිපතිධරයට පත් වූ පළමු කාන්තාව ද ඇය වේ.
ලෝක දේශපාලනයේ කාන්තා බලවතුන් අතරට අයත් වන ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තා කටයුතු පිළිබඳ අධ්‍යක්ෂවරිය ලෙස ද කටයුතු කළේය.
දැනට මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වශයෙන් කටයුතු කරන සෙයිද් රාද් අල් හුසේන් කුමරු එම ධුරයේ කටයුතු කළේ 2014 වසරේ සිටය. ඔහු ජෝර්දාන රජ පෙළපතට අයත් අයෙකුද වේ .ලංකාවේ සිදු වූවා යැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඔහු ඉකුත් 2016 වසරේදී මෙරට නිල සංචාරයකද නිරත විය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
එක්සත් ජාතින්ගේ මානවහිමිකම් මහ කොමසාරිස් ධුරය චීලී රජයේ හිටපු ජනපතිනි මිචෙල් බැචලේට
එල් ජි නිරංජලා Thursday, 30 November 2023 10:16 AM
මට ඔස්ටෙිුලියා රජයේ සරණාගත හාවයට ඉල්ලුමි කිරිමට අවශය බව