IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


උසේන් බෝල්ට් පාපන්දු පිටියට


 
 
සිඞ්නිහිදීය (ඒ.එෆ්.පී)
 
 
ඔලිම්පික් ශූර උසේන් බෝල්ට් පාපන්දු පිටියට පිවිසීමට සූදානම් වන පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ. උසේන් බෝල්ට් ඕස්ට්‍රේලියාවේ ‘සෙන්ට්‍රල් කෝස්ට් මරයිනර්ස්’ කණ්ඩායම සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව  එම කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් අද (17) සඳහන් කළේය.
 
‘සෙන්ට්‍රල් කෝස්ට් මරයිනර්ස්’ යනු ඕස්ට්‍රේලියාවේ ඒ ලීගය යටතේ තරග වදින පාපන්දු කණ්ඩායමකි.  අවස්ථා අටකදී ඔලිම්පික් රන් පදක්කම් ලාභියකු මෙන්ම ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම කෙටිදුර ධාවකයා ලෙසින් හැඳින්වෙන බෝල්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සහ පාපන්දු ක්‍රීඩාවට දැඩි ලෙස ප්‍රිය කරන්නෙකි. 
 
තමන් ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩාවේ නිරත වීමට දැඩි ඇල්මක් දක්වන බව බෝල්ට් අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබිණි.
 
ඒ අනුව වෘත්තීය පාපන්දු ක්‍රීඩාවේ නිරත වීමේ තම සිහිනය සැබෑවක් කරගැනීමට මේ වනවිට බෝල්ට් සමත් වී තිබේ. පසුගිය අගෝස්තුවේ ලන්ඩනයේ පැවැති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියෙන් පසු මලල ක්‍රීඩාවට සමුදුන් බෝල්ට් මේ වනවිට 31 වැනි වියේ පසුවේ. හෙතෙම මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩා ලෝලියෙකි. 
 
මීටර 100 සහ මීටර 200 ලෝක වාර්තාවලට හිමිකම් කියන බෝල්ට් පසුගිය මාසයේදී නෝර්වේජියානු පාපන්දු කණ්ඩායමක් වන ස්ට්‍රෝම්ස්ගොඩ්සෙට් සමඟත් පසුගිය මාර්තු මාසයේ දී ජර්මනියේ ‘බුන්ඩෙස්ලීගා’ කණ්ඩායමක් වන බොරුසියා ඩෝර්ට්මන්ඩ් කණ්ඩායම සමඟත් පුහුණුවීම් කර ඇත.
 
ඉදිරි සති හයක කාලයේදී බෝල්ට් මරියිනර්ස් කණ්ඩායම සමඟ තවදුරටත් පුහුණුවීම් සහ පුහුණු තරගවලට සහභාගී වීමට නියමිත අතර එහි සාර්ථකත්වය මත බෝල්ට් සමඟ අත්සන් කෙරෙන ගිවිසුම දීර්ඝ කරන බව ‘සෙන්ට්‍රල් කෝස්ට් මරයිනර්ස්’ කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරී ෂෝන් මියලිකම්ප් පැවැසීය.
 
“බොහෝ දේ කරන්න තිබෙනවා. ඔහු කොතරම් හොඳ පාපන්දු ක්‍රීඩකයෙක්ද කියලා අපි දැනගන්න ඕනේ. සියල්ල හොඳින් වුණොත් බෝල්ට් මෙවර ‘ඒ ලීගයේ’ සෙල්ලම් කරා.වි ඔහු යුරෝපීය පාපන්දු කණ්ඩායම් සමඟ පුහුණුවීම් කර තිබෙනවා. එහිදි ඔහු හොඳ දක්ෂතා පෙන්වා තිබෙනවා. ඔහු පුහුණුවන හැම අවස්ථාවකදීම සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරනවා. ඔහු වම් පාදයෙන් හොඳින් සෙල්ලම් කරනවා. ඔහු නියමිත මට්ටම්වලට පැමිණේවී කියලා අපි හිතනවා” යැයි ෂෝන් කීය.
 
“ගිවිසුම අනුව පුහුණුවීම් පමණයි දැනට සිදුවෙන්නේ. ඊට ඕස්ට්‍රේලියානු පාපන්දු සම්මේලනයේ සහාය ද හිමිවෙනවා. 
ඒ ලීගයට වීරයෙක් ඕනෑ කර තිබුණා. දැන් ඔවුන්ට ‘සුපර්මෑන්’ කෙනෙක් හම්බවෙලා. බෝල්ට් කියන්නේ දක්ෂයෙක්. අරමුණක් තිබෙන කැපවීමෙන් ක්‍රීඩා කරන කෙනෙක්. ඒ නිසා සියල්ල හොඳින් අවසන් වේවි කියලා මම හිතනවා. ඔහු ඒ ලීගයේ ක්‍රීඩා කරාවි” ගිවිසුමේ නියෝජිතයා වශයෙන් ක්‍රියා කළ ටෝනි රැලිස් කීය.

ඕස්ට්‍රේලියානු ‘ඒ ලීගය’ ලබන ඔක්තෝබර් මාසයේදී ආරම්භ වීමට නියමිතය. 
 
 
055



අදහස් (0)

උසේන් බෝල්ට් පාපන්දු පිටියට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 791 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 119 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 296 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1515 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 474 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site