අම්මාන්හිදීය (රොයිටර්/ඒ.එෆ්.පී)
ඇමෙරිකා එක්සත් ජනපදය ජෙරුසෙලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගතහොත් දරුණු ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇතැයි ජෝර්දාන විදේශ අමාත්‍යවරයා අනතුරු අඟවා තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසෙලම පිළිගැනීමට කටයුතු කළහොත් එය අරාබි සහ මුස්ලිම් ලෝකය කෝප ගන්වන ක්‍රියාවක් වනු ඇතැයි ජෝර්දාන විදේශ අමාත්‍ය අයිමාන් සෆාදි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් තිලර්සන්ට පවසා තිබේ.
ජනාධිපතිවරණ පොරොන්දුවක් ඉටු කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෙරුසෙලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට කටයුතු සූදානම් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වීමත් සමඟ මෙම අර්බුදකාරී තත්ත්වය නිර්මාණය වී තිබේ.
කෙසේ නමුත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උපදේශක වශයෙන් කටයුතු කරන ඔහුගේ බෑණා වන ජාර්ඩ් කුෂ්නර් එවැනි කිසිදු තීරණයක් ගෙන නැතැයි පවසා ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසෙලම පිළිගැනීමට කටයුතු කළහොත් දරුණු ප්‍රතිවිපාක ඇතිවනු ඇතැයි ජෝර්දාන විදේශ අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් ද නිකුත් කර තිබිණි.
එවැනි තීරණයක් නිසා තෙල් අර්බුදයක්, මුස්ලිම් හා අරාබි ලෝකය කෝපගැන්වීමක් සහ සාම සැලසුම් සියල්ල විනාශ වීමක් සිදුවිය හැකි යැයි ඔහු තවත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අරාබි ලීගයේ සහ සාමාජික රටවල් 57කින් සමන්විත මුස්ලිම් සහයෝගීතා සංවිධානයේ හදිසි රැස්වීම් කැඳවීමට ද ජෝර්දානය කටයුතු කර තිබිණි.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසෙලම වුනොත් ගැටලු රැසක්
rodney Wednesday, 06 December 2017 02:58 PM
බයිබලයේ ලියා තිබෙන ආකාරයට සියල්ල සිදුවෙමින් තිබේ. ඉන්පසු අරාබි රටවල් ඊශ්‍රායලය ආක්‍රමණය පිණිස වටලනවා කියා යේසුස් වහන්සේ අවුරුදු 2000කට පෙර කියල තියෙනවා
sirimathFriday, 08 December 2017 04:18 AM
එක නිසා තමයි ඇමරිකාව කොහොමහරි ඉරානයයි සෞදි අරාබියයි තරහ කරලා තියන්නේ. නැත්තම් ඊශ්‍රායලය විතරක් නෙවෙයි අනිත් රටවල් වලටත් අරාබිය නටවන්න බෑ. මතකනේ ඉස්සර ඔටෝමන් රාජධානිය.