නැගෙනහිර ලඩාක් ප්‍රදේශයේ දේශසීමා ගැටුම් අවසන් කිරීම සහ අර්බුද සමථයකට පත් කිරීම සම්බන්ධයෙන් නැවත විමසා බැලීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් චීන විදේශ අමාත්‍ය වැන් යී ට දුරකතන ඇමතුමක් ලබා දී ඇත.
ඉන්දු-චීන දේශසීමාවේ පිහිටි ලඩාක් හි නැගෙනහිර කොටස කේන්ද්‍ර කරගනිමින් ඉන්දියාව සහ චීනය අතර අර්බුද ඇති විය. මේ අර්බුද සමථයකට පත් කිරීම සඳහා ඉන්දු-චීන බලධාරීන් රුසියාවේ මොස්කව් අගනුවර දී එකඟතාවකට පැමිණියහ.
මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙලෙස චීන විදේශ අමාත්‍ය වැන්ග් යීට දුරකතන ඇමතුමක් ලබා දී තිබේ.
මොස්කව් ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තමන් චීන විදේශ අමාත්‍යවරයාට දුරකතන ඇමතුමක් දුන්නේ යැයි ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ලඩාක් හි පිහිටි පැන්ගොන්ග් විලේ උතුරු සහ දකුණු ඉවුරුවල සිටින හමුදා ඉවත් කරගැනීමට දෙරටම පියවර ගැනීමත් සමඟ මෙම නව සාකච්ඡා ආරම්භ වී තිබේ.
දේශසීමා බළඇණි අතර සංවාදය, ඉක්මනින් ගැටුම් නිරාකරණය සහ ගැටුම් අවම කරගැනීම, පරතරය පවත්වා ගැනීම යනාදී වශයෙන් පසුගිය වසරේ දී චීනය සහ ඉන්දියාව අතර එකඟතා පහක් ද ඇති කරගත් අතර ඒ සම්බන්ධයෙන් ද දෙරටේ විදේශ අමාත්‍යවරුන් සාකච්ඡා පවත්වා ඇත. දෙරට අතර විශ්වාසය ගොඩනැගීම අරමුණු කරගනිමින් එම එකඟතා ඇති කරගන්නා ලදි.
දෙරටේ විදේශ අමාත්‍යවරුන් දෙදෙනා අතර දුරකතන සංවාදය විනාඩි 75ක් තරම් දීර්ඝ වූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඒ.එෆ්.පී./රොයිටර්
055
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉන්දු-චීන විදේශ අමාත්‍යවරු ලඩාක් ගැන කතා කරති